
(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
තමා නමට කුඹුර ලියා දෙන්නැයි බල කරමින්වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ පිහිටි සිය සහෝදරයාගේ නිවසට පැන වයස්ගත මවට,පියාට හා නෑනාට පොල්ලකින් පහර දී තුවාල සිදු කළ බව කියන වැලිගම ප්‍රාදේශීයසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සැක පිට අත්අඩංගුවටගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මව මාතර මහ රෝහලට ද පියා අහංගම රජයේ රෝහල වෙතද ඇතුළත් කර සිටී.
සැකකාර මන්ත්‍රීවරයාගේ සහෝදරයාගේ නිවසේ නැවතී සිටින මව හා පියා ඔහුගේ ඉල්ලීමට අනුව කුඹුර නීත්‍යානුකූලව පවරා දීමට අදිමදි කිරීම මෙම සිද්ධියට හේතු වී තිබෙන බව කියති.
කෙසේ වෙතත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා ඔහුගේ සහෝදරයා වැලිගම මූලස්ථාන පොලීසිය හා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණිලි කර තිබේ.
සැකකාර මන්ත්‍රීවරයාගේ පවුලේ සමීපතමයින් කීහිප දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු නීරෝධායනයට යොමු කර සිටීම අත්අඩංගුවටගැනීම ප්‍රමාදවී තිබෙන බව උසස් පොලිස්නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් නීරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත්කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ජන පෙරමුණේ නේ .උන් ගැන අහන්න දෙයක් නෑ .අම්මා අප්පා මරලා හරි ඕනි සල්ලි .ලොක්කෝ කරන විදිහට තමයි පොඩි එවුන් කරන්නෙත්
අජා සත්ත පුතෙක් .මෙහෙව් නරුමයන්ට චන්දෙ දීලා ඉහලට යවන ජනතාව දැන්වත් හිතන්න .ඉහලට යන්න යන්න මොවුන්ගේ මුදල් තන්හාව වැඩිවෙනවා .බොහෝවිට තව ලොකු කුඩු ජාවාරම් කාරයෙක් වෙන්න පුළුවන්
දැන්ම ඉදං කැන්වසිං පටන්ගමු. ලබන චන්දෙනුත් කොහොමහරි දිනවන්න…!
හිරේ ඉන්න අය පාර්ලිමේන්තු, ප්‍රාදේශීය සභා, පළාත් සභා, විදේශ තානාපති සේවයේ යෙදවීම දේශප්‍රේමී, දේශ හිතෛෂී, ප්රගතිශීලී, රටට ආදරය කරන, බාර් හිමි සද්ගුණවත් පක්ෂ නායක, නායකයින් ගේ විනෝදාංශය. රෙස්පෙට් සර්, රෙස්පෙක්ට් සජිත්, රෙස්පෙක්ට් සාටක අන්කල්, රෙස්පෙට් රනිල්... දැනට චෝදනා අඩුම මේ වනතෙක් රජයක් පිහිටුවලා නැති ජවිපයට... එන්න කලින් එයාලටත් රෙස්පෙක්ට්..!!
මොහොතක් සිතන්න මේ දේශපාලනය තුලින් මේ වැන්නකු රටේ නායකයා වුනොත් කොහොම වෙයිද.?
හෙට අනිද්දා ඇප පිට නිදහස් වෙයි, එච්චරයි.
මොනව වුණත් අපි මේ වගේ දේවල් කරේ නෑ. අපේ දෙමාපියන් වෙනුවෙන් සොහොනකුත් සුපිරියටම හැදුවා. මෙයා අපේ පක්ෂේ වුණාට ගැලපෙන්නේ වියත් මඟට..
සාගර කාරියවසම් මහලේකම්තුමනි, දැන් ඇත්තේ ඔබේ අවංක කාර්යභාරයයි.
මේ කතාව අසන විටම මට හිතුණා මේ ඉන්නේ පොහොට්ටුවේ එකෙක් කියලා. මම එහෙම කියන්නේ අත්දකීම් තුළින්. ගිය සතියේම කී දෙනෙක් පිස්සු කෙළියද?