(සුජිත් හේවාජුලිගේ )
ෆයිසර් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 40 ක් ලබාදීමට එම සමාගම එකඟ වී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
ෆයිසර් එන්නත් මාත්‍රා හත් ලක්ෂ දහතුන් දහසක් ඉදිරි සති තුනේදී මෙරටට ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
වයස අවුරුදු12ත්19ත් අතර විවිධ ලෙඩ රෝග, සංජානනීය ආබාධවලින් පෙළෙන දරුවන්ටද ඉදිරි දිනවල ෆයිසර් ලබාදීමට කටයුතු සූදානම් කර ඇතැයි චන්න ජයසුමන මහතා පැවසීය.
මෙරටට මේ දක්වා ලැබී ඇති කොරෝනා මර්දන එන්නත් මාත්‍රා සංඛ්‍යාව තුන් කෝටි පහළොස් ලක්ෂයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත්කරණය අතින් රට විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගනීවි. දැනට දකින්නට තියෙන එකම විසඳුම එයයි.
ජයසුමන කියන දේවල් නම් ඉතින් ලොකුවට පිලිගන්න බෑ. හැබැයි ඉතින් ලක්ශ 40ක් හම්බුනොත් නම් හම්බන්තොටට ගැහුවට පස්සෙ තව ටිකක් ඉතිරිවෙයි අනිත් දිස්ත්‍රික්ක වලටත් ගහන්න.