(යොහාන් භාසුර)
ආන්දෝලනාත්මක තත්වයකට පත්ව තිබෙන කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරය සම්බන්ධ ගිවිසුම පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රීයේ අස්සන් කර ඇති බවත් එම ගිවිසුම අස්සන් කළ අය බකමූණන් දැයි ජනාතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි.
එම ගිවිසුම සම්බන්ධයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය.
‘කෙරවලපිටිය බලාගාරය 2025 වන විට අපේ ලංකාවේ ගොඩනැගෙන විශාලතම බලශක්ති බලාගාරයයි. මේ බලාගාරය දැනට ඩීසල්වලින් විදුලිය උත්පාදනය කළත් ගෑස් බලාගාරයක් බවට පරිවර්ථනය කරන්න පු`ඵවන්. අපිට ගෑස් ගෙනඒම සඳහා නළ පද්ධතියක් එළාගෙන නෑ. ගෑස් ගබඩා කිරීම සඳහා ගබඩා පද්ධතියක් අපි ඉදිරිකරලා නෑ.
ඒ සඳහා ලංසු කැඳවීමේ යෝජනාවට පසුගිය පෙබරවාරි මස 18 වැනිදා ඛනිජ තෙල් අමාත්‍යංශය පුවත්පත් දැක්වීම් ප්රකාශකළා. නමුත් මේ ඉදිකිරීම් ටෙන්ඩරයට කිසිසේත්ම සම්බන්ධ නොවූ ඇමරිකානු ‘නිව් ෆෝට්‍රෙස් එනර්ජි’ කියන සමාගමට පවරනවා, මෙය පිරිසිඳු ගණුදෙනුවක් නොවෙයි.
ඒ විතරක් නොවෙයි. මේක ගෑස් බවට පරිවර්ථනය කරන්න අපිට ගෑස් ඕනේ. අවුරුදු පහක් යනකන් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුවත් එම සමාගමටම දීලා. ටෙන්ඩරයකින් තොරව මෙම බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු ‘නිව් ෆෝට්‍රෙස් එනර්ජි’ කියන සමාගමට පවරලා තියෙනවා.
මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරන කොට කිසි ඇමතිවරයෙක් ගාව මේ කැබිනට් පත්‍රිකාව නෑ. දැකලා නෑ. මෙය අනුමත කිරීමට අමාත්‍යවරුන් කීපදෙනෙක් විරුද්ධ වූ බවත් මා දන්නවා. දැන් මොකක්ද වුණේ. මේ රටේ ඓතිහාසික ගිවිසුමක් කියටද අස්සන් කළේ. 17 වැනිදා රෑ 12 පසුවී විනාඩි 6 ට. රෑ 12 ට ගිවිසුම් අස්සන් කරනවා රට ගැන. අස්සන් කරන්න ආපු සුද්දා පාන්දර 2 ට තියෙන ෆ්ලයිට් එකේ ඇමරිකාවට යනවා. මේ රටේ රෑ 12.06 ට ගිවිසුම් අස්සන් කරනවාද? බකමූණොද මේගොල්ලෝ”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙත් විසිල් විතරයි, බල්ටි නැහැ...
නැත. එහෙත් එකල රාත්‍රී කාලයේ මිනිසුන්ට මහත් හිරිහැර කරමින් ජාතික හැඳුනුම්පත් එකතු කළේ බකමූණන් විසින්ය.
උලමා බකමූණාට කොහොමත් විරුද්ධයි!
අපේ මේ කළුකුමාර මලයාගෙන් මීට පෙර පැනයන් කීපයක්ම විමසුවා.. ඒ එක පැනයකටවත් කළුකුමාර ගොයියා පිළිතුරු දුන්නේ නැත්තේ බකමුහුණු කුලේ කළු කුමාරයෙක් හින්දා වෙන්න ඇති නේද? දියව් දියව් කුමාර මල්ලියේ...
එලොවටත් නැති, මෙලොවටත් නැති ජෙප්පොනේ.. බකමූණු කතා. කවදාවත්ම මේ අපතයින්ගෙන් හොඳක් අසා තිබේද?
බයියන්ට මේවා කියලා වැඩක් නෑ. අපි තමයි හොඳටම කරන්නේ කියලා කියාගෙනම ඉන්න...
මේ ගොල්ලත් නැත්නම් මොනවා වෙනවද කියලා දැනගන්නවත් නෑ. පාර්ලිමේන්තුවේත් වැඩකට ඇති යමක් කතා කරන්නෙත් මේ ගොල්ලන් විතරයි..
වැඩ බැරි ආණ්ඩුවට ඡන්දේ දීලා...
ජනතාවගෙ සල්ලි දේශපාලකයො ගසාකාල අපිව පාරට ඇදල දැම්මට කමක් නෑ. රට වික්කට කමක් නෑ. අපේ ළමයිට රටක් නැතිවුනත් කමක් නෑ. මගේ හද බැඳ ගත් මගේ වීරයන් විවේචනය කරන්න එපා.
88/89 සමයේදී මොහුගේ පාක්ෂිකයින්ගේ ක්‍රියාකලාපය එතරම් සතුටුදායක නොවුණත්, මේ අවස්ථාවේදී විනිවිද භාවයකින් තොරව, ටෙන්ඩර ක්‍රියා පටිපාටියෙන් පිටත මෙම කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳව මෙතුමා කරන ප්‍රකාශයේ යම් සත්‍යතාවයක් තිබෙන බව ඇත්ත...
ප්රභාගේ වීරයින් නම් නියමයි. කටවල් ඇරියොත් ඉවරයි. මෙයා කතා කරන්නේ හරියට මන්ද බුද්ධිකයෙක් වගේනේ... !
මේකෙන් ප්‍රකාශ වන්නේ එම බලාගාර ඇමරිකාවට විකිණිම යහපතක් ක්‍රියාවක් බවයි. සියල්ල පවරා ගන්නවා යැයි කියා බලයට පත් ගෝඨාභය විවේචනය නොකර මෙම වරද පෙන්වා දෙන, හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන, අය විවේචනය කරන වහලුන් තවමත් සිට බවත් දැන් ජනතාවගේ ඇඳිවත පමණක් ඉතිරි කිරීමට පවුල් ආණ්ඩුව කටයුත්ත කර ඇතත් තවමත් 88/89අරම කලා මෙහෙම කළා යයි හිත හදාගෙන තමන්ගේ සහ දූදරුවන්ට මේ රටෙහි කිසිම අනාගතයක් නැති බවත් දැන දැනම බඩගින්නේ හූල්ලා නිදාගන්නා කරුමක්කාරයින් තවමත් සිටී.
ජෙප්පෝ කතා කරනකොටම .ලයික් දාන්න විරුද්ධනම් අන් ලයික් කරන ඇම්බැට්ටයෝ ටිකක් එකතු වී සිටී .
මේ මොන විකාර කතාවක්ද? වැඩකරන මිනිස්සුන්ට රෑ දවල් කියා වෙනසක් නැහැ. ඕගොල්ලෝ තමයි දවල් මිගෙල් රා දනියෙල් රඟපාන්නේ.