(සුජිත් හේවාජුලිගේ)

ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් අයට දෙවැනි එන්නත ලබාදීම හෙට(20) සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .

එම එන්නත් මාත්‍රා එක්ලක්ෂ විසි දහසක් අද ලැබුණු බවද හෙතෙම සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ලක්ෂයකට වැඩි පිරිසකටද ස්පුට්නික් එන්නත දෙවෙනි මාත්‍රාව හෙට ලබා දීමට නියමිතය.