පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට 12 දක්වා මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේදී රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාව විසින් තීරණය කරන ලදි. 08 February 2021
බස් වර්ජනය අත්හිටුවයි සියලුම බස් සංගම් ඒකාබද්ධව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ බස් රථ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. 08 February 2021
‘දුර්මත වලට රැවටෙන්න එපා’ ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය අපකීර්තියට පත්කිරීමට ඇතැම් කණ්ඩායම් දරණ උත්සාහයට නොරැවටෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා එක්සත් ජනපද පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටී. 08 February 2021
සුමන්තිරන්ගේ විශේෂ ආරක්ෂාව හදිසියේම ඉවත් කරයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ සුමන්තිරන් මහතා වෙත ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඊයේ (07) රාති‍්‍රයේ සිට හදිසියේම ඉවත් කර ඇත. 08 February 2021
ඕඩ රක්ෂිතයේ ඉඩම් අල්ලති කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කප්පල් අඩිය ධීවර ගම්මානයේ ඕඩය නැමැති අභ්‍යන්තර ජලාශයේ සහ ඊට යාබද ඕඩ රක්ෂිතයේ කඩොලාන ශාක කපාදමා කඩොලාන සංහාරයක් සිදු කොට ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා නගති. 08 February 2021
කෝට්ටේ මහනගර සභා කාර්යාලයන්ගේ ආසාදිතයන් 21 දක්වා ඉහළට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා කාර්යාලයන් වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 21ක් බවත් එම රෝගීන් යාපනය, පුත්තලම, කොළඹ කොවිඩ් රෝග ප්‍රතිකාර ඒකක වෙත යොමුකර ඇති බවත් කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගෝ මහතා අද(8) පැවසීය. 08 February 2021
අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 772 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (7 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 07 February 2021
විරෝධතා පා ගමන පේරුදුතුඩුවෙන් නිමා වෙයි දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයන්ට එරෙහිව උතුරු නැගෙනහිර පළාත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් පසුගියදා (03) පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා ආරම්භ කළ පාගමන අද (07) පේරුදුතුඩුව, පෝලිකණ්ඩි දක්වා ළඟාවිය. 07 February 2021
ප්‍රදේශ 10 ක් හුදෙකලා බවින් නිදහන් කරයි පොලිස් වසම් 3 කට සහ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට අයත් ප්‍රදේශ 10 ක් හෙට (8 වැනිදා) උදෑසන 5.00 සිට හුදකලා බවින් නිදහස් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 07 February 2021
චීනයට ටෙන්ඩරය දීම ගැන ඉන්දියාව පුප්පයි යාපනය අර්ධද්වීපයෙන් පිටත දූපත් වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්රදානය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ දැඩි විරෝධයක් පළ කර ඇතැයි ‘ද සන්ඩේ ටයිම්ස්“ පුවත්පත වාර්තා කරයි. 07 February 2021
හොර වීසා යොදා රට පනින්න හැදූ 3ක් කටුනායකදී දැලේ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ජර්මන් වීසා බලපත්‍ර උපයෝගී කර ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජර්මනිය වෙත පැනයාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අද(07) කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. 07 February 2021
කෝටියක කහ ගිනි තියයි නීතිවිරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කර කල්පිටිය අම්මාතෝට්ටම කළපු තීරයේ සඟවා තිබියදී පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකය මගින් අත් අඩංගුවට ගත් කහ තොගයක් කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තබා විනාශ කර තිබේ. 07 February 2021
වැලි ජාවාරම්කරු හඹා ගිය නිලධාරියාට ඇතෙක් ගහලා වැලි ජාවාරම්කරුවකු පසුපස හඹා යමින් සිටි වන සංරක්ෂණ නිලධාරියකුට වන ඇතෙකුගේ පහරදීමෙන් තුවාල ලබා ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි. 07 February 2021
හිම කන්දක් නාය යාමෙන් 100 ත් - 150 ත් අතර පිරිසක් මරුට ඉන්දියාවේ උත්තරකන්ද් පළාතේ ග්ලැසියරයක් කඩාවැටී ධූලිගංගා නම් ගඟේ ජල මට්ටම ඉහළයෑම හේතුවෙන් පුද්ගයන් 75දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 07 February 2021
හිටපු කතානායක අයිඩීඑච් දැඩි සත්කාර ඒකකයට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කතානායක විජමූ ලොකුබණ්ඩාර මහතා අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 07 February 2021
මියන්මාර හමුදාව බලය ඇල්ලීමෙන් පසු 160 ක් අත්අඩංගුවට මියන්මාර හමුදා ජුන්ටාව එරට බලය ඇල්ලීමෙන් පසු 160 දෙනකුට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. 07 February 2021
පුරාවිද්‍යා පනත සංශෝධනය කරනවා පුරාවිද්‍යා පනතට සංශෝධන ගෙන ඒමට හෝ නවතම පනතක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ලංකාදීපයට අද(07) පැවැසීය. 07 February 2021
කොවිඩ් ආසාදිතයා පාවිච්චි කළ ඉන්හේලරය අසල්වැසියාත් යොදාගෙන කෑගල්ලේ කොරෝනා ආසාදිතයකු, භාවිත කළ ඉන්හේලරයක්(ස්වසන ආධාරකයක්) ඉල්ලා, භාවිත කළ අසල්වැසි නිවසක හිමිකරු ඇතුළු පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඵම්. අමරතිලක මහතා කීවේය. 07 February 2021
හිටපු ජනපති - අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා වසර 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශයන්ට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු යහපාලන රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හා නිලධාරීන් අපරාධ චෝදනාවලට ලක්විය යුතු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 07 February 2021
මියන්මාර හමුදා පාලකයෝ අන්තර්ජාලය අවහිර කරති මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දහස් ගණන් ජනතාව විරෝධතාවයේ යෙදීමෙන් හමුදා පාලකයින් විසින් එරට අන්තර්ජාලය අවහිර කර ඇතැයි වාර්තා වේ. 07 February 2021
අනූහතර වියේ මවක් ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂාව විභාගයට ලියයි සැදෑ සමය ධෛර්යෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ගත කරන 94 හැවිරිදි සිව්දරු මවක් (6) සහ (7) දින මහනුවර ඩි.එස්.සේනානායක විද්‍යාලයේ දි ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා පරික්ෂණ විභාගයකට පෙනී සිට තිබේ. 07 February 2021
අවුරුදු 102ක කාන්තාවක් කොරෝනාවෙන් මරුට ගාල්ල නගර සීමාවේ පීටර් කිරිංගොඩ මාවතේ පදිංචිව සිටි වයස අවුරුදු 102ක් වූ කාන්තාවක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා පවසයි. 07 February 2021
නිදහස් උලෙළට ගිය සිවිල් ආරක්ෂක භටයන් 6කට කොරෝනා මෙවර ජාතික නිදහස් උත්සවයට එක්වීමෙන් පසු ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු පාසැලේ නිරෝධායනය වන සෙබළුන් 6 දෙනෙකුට කොවිඩ්-19 ආසාදිතව ඇති බවත්, මේ වනවිට එම කඳවුරට ඇතුළුවීම හා පිටවීම නවතා ඇති බවත් පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 07 February 2021
එළුවෙක් වෙනුවෙන් මිනිහෙක් මරයි බණ්ඩාරවෙල ඇටම්පිටිය වත්තේ දී පුද්ගලයකු පිහියකින් කපා ඝාතනය කර ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි . 07 February 2021
මධ්‍යම පළාතේ සාපෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර සිසුන්ට ලැබිලා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාතේ සියලු පාසල්වල අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුන්ට ලබාදෙන පෙරහුරු පරීක්ෂණ විභාගයේ 8 දින සදුදා පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රය මීට දින කිහිපයකට ඉහත දී පාසල් ළමුන් අතට පත්ව ඇතැයි දෙමාපියෝ පවසති. 07 February 2021
මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන් මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී ඊයෙ (6) රාත්‍රීයේ පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි. 07 February 2021
පල්ලිවාසල්තුරේ වෙරළේ ලක්ෂ 75ක කහ සඟවලා කල්පිටිය පල්ලිවාසල්තුරේ අම්මාතෝට්ටම් ප්‍රදේශයේ දී සගවා තිබු රුපියල් ලක්ෂ 75 කට වැඩි වටිනාකමින් යුත් කහ කිලෝ 1500 කට ආසන්න ප්‍රමාණයක් පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකය විසින් ගුවන් හමුදා බුද්ධි තොරතුරකට අද( 7 ) අලුයම සිය බාරයට ගෙන තිබේ. 07 February 2021
’’ගොනා කෝවිලේ රාජා’’ ගේ ගෝලයකු අල්ලයි පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන පතිරනගේ සම්පත් තෙන්නකෝන් නොහොත් ’’ගොනා කෝවිලේ රාජා’’ ගේ ප්‍රධාන ගෝලයකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අද (06) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 06 February 2021
ගම්පහ පොදු වෙළෙඳපොල වසාදමයි ගම්පහ පොදු වෙළඳ පොලෙහි වෙළඳුන් 58 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක්කිරීමේදී ඉන් 18 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සඳහන් කරයි. 06 February 2021
බූස්සේ අභිරහස් මරණ 2ක් බූස්ස රුපීවල ගම්මානයේ නිවාස 02ක තිබී පුද්ගලයෙකුගේ මළසිරුරක් සහ කාන්තාවකගේ මළ සිරුරක් අද (06) සොයාගත් බව රත්ගම පොලිසිය පවසයි. 06 February 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026