ටීඑන්ඒ පාගමනට මුස්ලිම් ජනතාවත් එක්වෙති දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් අද (03) මඩකළපුව පොතුවිල් සිට කන්කසන්තුරය පොලිකණ්ඩි දක්වා ආරම්භ කළ පාගමනට සහාය දක්වමින් අඞ්ඩාලචේන ප්‍රදේශයේදි මුස්ලීම් දේශපාලඥයින් හා ජනතාව එක් වුහ. 03 February 2021
ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිඳුන් 150 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්යක්ෂ ජී , විජේසූරිය මහතා පැවසීය. 03 February 2021
ලක්ෂ 20ක කේරළ ගංජා මලයාලම්පුර නිවසකින් සොයාගනී අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමක් සහිත කේරළ ගංජා කිලෝ 13යි ග්‍රෑම් 315 සමඟ පුද්ගලයකු අද(03) කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 03 February 2021
ආණ්ඩුවට එළුවයි මුට්ටියයි දෙකම බේරගන්න බැරිවුණා මහදැන මුත්තාගේ කතාවේදී මෙන් ආණ්ඩුව එළුවත්, මුට්ටියත් දෙකම අහිමි කරගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කොළඹ දී අද (3) පැවසීය. 03 February 2021
අ’පුර රෝහලේ 9 කට කොරෝනා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිව් දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ නව දෙනෙකුට කොරෝනා වයිරසය වැළදි ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ තේජන සෝමතිලක මහතා අද (3) පැවසිය. 03 February 2021
සබරගමුව සරසවියේ 25වැනි සමරුවට මුද්දරයක් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ 25වැනි සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් අද(03) සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරයේදී නිකුත්කළේය. 03 February 2021
ගාල්ලේ ප්‍රධාන පාසල් දෙකක එකම පවුලේ දෙදෙනකුට කොරෝනා ගාල්ල නගරයේ ප්‍රධාන පාසල් දෙකක අධ්‍යාපනය ලබන එකම පවුලේ දරුවන් දෙදෙනකු අද (3) පාසල් පැමිණ සිටිය දී කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 03 February 2021
ජාත්‍යන්තර ගනුදෙනුවලදී සිත් රිදවීම්වලින් වළකිමු කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය (ජැටිය) සම්බන්ධ ඉන්දියාව සමඟ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වී තිබේ. ඒ වෙනුවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ එය සංවර්ධනය කර පවත්වාගෙන යාමට රජය තීන්දු කර තිබේ. ඒ සමඟ බටහිර ජැටිය ඉන්දීය රජය සහ ජපාන රජය මගින් නම්කරනු ලබන පාර්ශ්ව සහ වරාය අධිකාරිය එක්ව රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමටද රජය තීන්දුවක් ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය කුමක්දැයි තවම දැනගන්නට නැත. 03 February 2021
ප්‍රේමලාල්ගේ අභියාචනය ජූනි 16 දා විභාගයට තමාට එරෙහිව රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කර , තමාව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ අභියාචන පෙත්සම ලබන ජූනි 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය. 03 February 2021
නිදහස් සැමරුමට යන මාධ්‍යවේදීන් 180කට පීසීආර් ජාතික නිදහස් සැමරුම ආවරණය කිරීමට නියමිත මාධ්‍යවේදීන් ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පීසීආර් පරීක්ෂණයට ලක්කෙරිණි. 03 February 2021
මූන්දලම කම්හලක 10කට කොරෝනා මුන්දලම කිරියංකල්ලිය නගරයේ කම්හලක සේවක සේවිකාවන් සඳහා කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව 10දෙනෙකු කෝවිඩ්-19 ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි මුන්දලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 03 February 2021
දෙමළ ජාතික සන්ධානය විරෝධතා පාගමනක වත්මන් ආණ්ඩුව විසින් මෙරට දෙමළ ජනතාවට එරෙහිව මර්දන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවට චෝදනා කරමින් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් දෙමළ ජාතික සන්ධානය ප්රමුඛ උතුරු නැගෙනිහිර පළාත් වල සිවිල් සංවිධාන වල එකමුතුවෙන් අද (03) උදෑසන මඩකළපුව පොතුවිල් සිට කන්කසන්තුරය පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කෙරුණි. 03 February 2021
වතුකම්කරුවෝ කම්හල්වලින් තේ කුඩු කොළඹට ප්‍රවාහනය නවතති තේ කුඩු කොළඹට ප්‍රවාහනය කිරීම නතර කිරීමට වතු කම්කරුවන් පිරිසක් කටයුතු කිරීමත් සමග එම තේ කුඩු තේ වෙන්දේසියට නිසි ලෙස රැගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි හැටන් වතු අධිකාරිවරු පවසති. 03 February 2021
නිවසේදී මිය ගිය දෙදෙනෙකුට කොරෝනා නිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙනවිත් කරණු ලැබු පී.සී.ආර් පරීක්ෂණයේ දි එම දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (03) තහවුරු වී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පැවසීය. 03 February 2021
මන්නාරමෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන් ඉකුත් ඉරිදා මන්නාරම ඔලෙත්තෙඩුවායි මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු නැවත නොපැමිණිම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් මන්නාරම පොලීසියට පැමිණිලි කර තිබේ. 03 February 2021
කටුනායක වෙළඳකලාපයේ කම්හලක ගින්නක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක අද(03) හදිසියේම ගින්නක් හට ගෙන තිබේ. 03 February 2021
කොවිඩ් එන්නත දුන් ගණන ලක්ෂය ඉක්මවයි ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට මෙරට ලක්ෂයකට වැඩි පිරිසකට එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. 02 February 2021
කොරෝනා මරණ 330 ට නගී කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (02) තහවුරු කළේය. 02 February 2021
අද කොවිඩ් ආසාදිතයන් 715 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 354 දෙනෙකු අද (02) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 02 February 2021
‘රාජගිරියේ කට් රොෂාන්’ අල්ලයි ’’රාජගිරියේ කට් රොෂාන්’’ සහ තවත් පුද්ගලයෙක් රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය ආසන්නයේ දී අද (2) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 02 February 2021
සුවය ලැබූ 968 ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 968ක් සුවය ලබා අද (02) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 02 February 2021
දුම්කොළයක් ළඟ තබාගත්තාට සිරදඬුවම් බන්ධනාගාර තාප්පයට පිටත සිට බන්ධනාගාරය තුළට විසි කරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් තම බාරයට ගෙන එහි තිබූ දුම්කොළයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් මහර බන්ධනාගාර රැඳවියකුට මාස 4 ක ලිහිල් සිරදඬුවමක් ගම්පහ දිසා විනිසුරු රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා අද (2) නියම කළේය. 02 February 2021
මෛත්‍රීමූර්ති හිමියෝ - රම්‍යා වනිගසේකර සබරගමු සරසවියෙන් සම්මාන ලබති ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට 25 ක් වසරක් පිරිම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයකදී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල පාර්ශවයේ සබරගමු පළාත් මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියෝත් ජනප්‍රිය ගුවන් විදුලි නිවේදිකාවක්, චරිතාංග නිළියක් මෙන්ම රූපවාහිනී නිළියක්ද වන රම්‍යා වනිගසේකරත් ගෞරව සම්මාන ලැබූහ. 02 February 2021
වෛද්‍ය දන්තනාරායන ගාල්ලේදී සමුගනී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය කොවිඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරිතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අද (02) පස්වරුවේ දී සිදුකෙරිණි. 02 February 2021
ඒකපාර්ශවීය තීරණයක් නොගනු ඇතැයි ඉන්දීයාවේ අපේක්ෂා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඒකපාර්ශවීය තීරණයක් නොගනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි. 02 February 2021
යුක්රේන ගුවන් යානා 2 කින් සංචාරකයින් 320 ක් දිවයිනට යුක්රේනයේ සිට ගුවන් යානා දෙකකින් සංචාරකයින් 320 දෙනකු අද (2) මත්තලින් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපල අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසයි. 02 February 2021
ඊටීඅයි ඉතිරි තැන්පතු වලින් අඩක් ආපසු ගෙවීම හෙට අරඹයි ස්වරණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ඉතිරි තැන්පතුවලින් සියයට 50ක් ආපසු ගෙවීම හෙට (3) ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 02 February 2021
රවී ඇතුළු පිටීඑල් අයගේ පෙත්සම් විභාගය මාර්තු 26 දා හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් විභාගයට ගැනීම මාර්තු 26 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (2 ) තීන්දු කළේය. 02 February 2021
මහර බන්ධනාගාර සිද්ධියට තවත් රැඳවියන් 63 කට ලිහිල් සිර දඬුවම් මහර බන්ධනාගාර ගැටුමේදී කලහකාරී ලෙස හැසිරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගත් රැදවියන් 63 දෙනෙකුට ගම්පහ අංක 02 දිසා අධිකරණයේ දිසා විනිසුරු රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා අද (02) මාස 02 ක ලිහිල් සිරදඬුවම් නියම කළේය. 02 February 2021
වෛද්‍ය දන්තනාරායනගේ බිරිඳ ගාල්ලේදී සැමියාගෙන් සමුගනී කොරෝනා අසාදිතව මිය ගිය ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍යවරයා වන වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ බිරිඳ අද (02) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට පැමිණ සිය සැමියාගේ දේහය හඳුනාගැනීමෙන් අනතුරුව අවසන් ගෞරව දක්වා දේහය ආදාහනයට කැමැත්ත ප්‍රකාශ කළ බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්.එම්.නාසිම් මහතා පවසයි. 02 February 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026