
(ඩයනා උදයංගනී)
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධිය පිටුපස සිටින මහමොළකරුවන් කවුද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා මිනීමරු ඖෂධ මාෆියාවට එරෙහි ජනතා එකමුතුවේ සභාපති පාහියංගල ආනන්ද හිමියන් ඇතුළු පිරිසක් අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළහ.
ඒ ගැන වගකීම භාරගත් මෘදුකාංග ඉංජිනේරුවරයාගෙන් මේ තාක් ප්රශ්න නොකිරීම ඛේදනීය තත්වයක් බව කී ආනන්ද සාගර හිමියෝ මේ පිටුපස සිටින ජාවාරම්කරුවන් එය යටගැසීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නේ යැයි ද පැවසූහ.
ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ගෙන්වීම පිළිබඳ තොරතුරු අදාළ මෘදුකාංගයෙන් පිට ගබඩා කර තිබීමත්, විශේෂයෙන් කොවිඩ් සම්බන්ධ බෙහෙත් හා පර්යේෂණ කට්ටල නියමිත ක්රමවේදයෙන් පිට ගෙන්වා තිබීම වැදගත් බවත් උන්වහන්සේ කීහ.
මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් දක්වා ඉදිරියට යන බව ද ආනන්ද සාගර හිමියෝ කීහ.
(ඡායාරූප ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරික්ෂණ හරියට කෙරෙයිද කියලා හිතන්ඩ අමාරුයි .කොම්පියුටර් ජිල්මාට් කාරයින්ගේ වැඩක් වෙන්ඩැති කියලා හිත හදාගන්ඩ තමා වෙන්නේ?
රටේ මෙච්චර දේවල් වෙලත් දැන් හරි එලියට ආපු එක හොඳයි
අධිකරණයෙන් අහෝසි කල පාර්ලිමේන්තු ධුරය නැවත කට්ට කමින් අරගෙන නැව් දුසිම් ගණන් ඇපල් වතු අක්කර ගනන් තියාගෙන පෙරෙත කමට තවත් ඉන්නවා. මේ අය ඉන්නකල් හැමදා හැමතැන විරෝධතා කඩාකප්පල්කාරී වැඩ. මේ අය ගිය ගමන් ඒවා 70% කින් අඩුවෙනවා.
මෙම විද්යුත් පරිගණක කාරයෝ මීට වසර 20 කට පෙර මහජන බැංකුව සුද්දකළා කළා.ඔවුන් තමයි මේ ජිල්මාර්ට් එක
ගෙදර කන්න නැතිකමට දරුවන් පන්සලට භාරදෙන්න එපා !
ලංකාවේ මහමොලකරුවන් කියල කොටසක් හොයාගන්න නැහැ . නාදුනන පුස් සහ හිස් මොළකරුවන් පිරිසක් ඉන්නේ . මොකද දැන් හැමෝම දන්නවා කව්ද මේ, මොනවාද කරන්නේ කියල .
මේ හොරුන් සෙට් එක පන්නා දමන්න කවුරුත් නැතිද? අපේ ආගම හෑල්ලුවට ලක්කරන මේ අය ආගම හැර, හැම විෂයම දන්නවානේ...