අරණායක මහ විද්‍යාල තුනක් වහයි කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ පවුල් කිහිපයක දරුවන් සිව් දෙනෙක් පාසලට පැමිණීමෙන් අරණායක ප්‍රදේශයේ මහා විද්‍යාල තුනක් හා ප්‍රාථමික විද්‍යාලයක් පංති හතරක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද (2) පැවසීය. 02 February 2021
බේරුවල පාසලක සාමාන්‍ය පෙළ සිසුවකුට කොරෝනා බේරුවල විදුහලක ඉගෙනුම ලබන මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට අද(02) කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරයි. 02 February 2021
වි.ජ.මු ලොකුබණ්ඩාර ටත් කොරෝනා හිටපු කතානායකවරයකු වූ වි.ජ මු ලොකු බණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වි තිබේ. 02 February 2021
මහියංගනයේ ඇගලුම් ආයතන දෙකක 75කට කොරෝනා මහියංගනය ආසන්නයේ ඇඟලුම් ආයතන දෙකක, ආසාදිත ඇගලුම් සේවකයන් සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් ඇත. 02 February 2021
බඩඉරිඟු වගාවට මහවැලියේ ඉඩම් බදුදීමට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන්ඔය කලාපයේ හඳුනාගත් රක්ෂිතයන්ට අයත් නොවන, ඌන භාවිතයේ පවතින, අක්කර 2,750ක් බඩඉරිඟු වගාකිරීම සඳහා ආයෝජකයන්ට බදු පදනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 02 February 2021
මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි රංජන් ගෙන් රිට් පෙත්සමක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (2) රිට් පෙත්සමක් ගොනු කළේය. 02 February 2021
හලාවත ආසන දෙව් මැදුර යළි විවෘත කරයි පාරිශුද්ධ වූ කාර්මෙල් දේවමාතාවහන්සේ නමින් කැප කර ඇති හලාවත ආසන දෙව් මැදුර අද ( 2 ) සිට යළි බැතිමතුන් සදහා විවෘත කර තිබේ. 02 February 2021
දුම්රිය මැදිරි දේශීයව නිපදවන්න යයි වර්තමාන අවශ්‍යතාවන් සඳහා මගී දුම්රිය මැදිරි දේශීය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 02 February 2021
අරණායක විල්පොළ අගුලු අරී කොවිඩ් -19 වයිරසය ආසාදිතයින්ගේ ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලයක් හුදකලා කර සංචරණ සීමා පනවා තිබූ අරණායක විල්පොළ මුස්ලිම් ගම්මානය අද(02) පෙරවරුවේ සිට හුදකලා තත්ත්වයෙන් මුදාහැරීමට පියවර ගත් බව අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසීය. 02 February 2021
බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානයට කැබිනට් අනුමැතිය බන්ධනාගාරවල දැනට ක්‍රියාත්මක වන බුද්දි ඒකකය එම කාර්යය සඳහා පමණක් සීමා නොවී සෙසු වගකිය යුතු රාජකාරි සඳහා ද යෙදවිය හැකි පරිදි ප්‍රතිසංවිධානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 02 February 2021
අම්බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි අම්බලන්ගොඩ නගර සභාවේ මාසික සභා රැස්වීම සතියකින් කල් දැමීමත් සමගම අද (2 ) පැවැත්වීමට නියමිතව තිබූ අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම දැඩි උණුසුම් විය. 02 February 2021
කල්පිටිය නිර්මල මාතා විදුහල වහයි කල්පිටිය නිර්මල මාතා මහ විදුහළේ ගුරු භවතකු කොවිඩ් ආසාදිතයකු බවට වාර්තාවීමෙන් එම විදුහල පෙබරවාරී 8 දින දක්වා තාවකාලික වසා දමා ඇති කල්පිටිය පොලිසිය පවසයි. 02 February 2021
මියන්මාරයට සම්බාධක පනවන්න ඇමරිකාව සූදානමින් මියන්මාරයට නැවත වරක් සම්බාධක පැනවීම කෙරෙහි ඇමෙරිකා එක්සත් ජනපදයේ අවධානය යොමු වී තිබේ. 02 February 2021
ජාතික ධජයේ සිංහ රුව සංශෝධනය කරන්න යයි ශ්‍රී ලංකාවේ දැනට පවතින ජාතික ධජයේ සිංහ රුව සංශෝධනය කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව ආරක්ෂක ලේකම්(විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සඳහන් කළේය. 02 February 2021
අනාගත පරම්පරාවට හොඳ පරිසරයක් හදමු තනි භාවිත සහ කෙටි කාලීන ප්ලාස්ටික් මාර්තු මස 31 වැනිදා සිට තහනම් කරමින් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුත් ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර ඇති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ජාතික පාරිසරික පනතේ පරිසර ඇමැතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ප්ලාස්ටික් නියාමනයට අනුව නිකුත් කර ඇති ගැසට් පත්‍ර දෙකෙන් කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලි එතිලින් ටෙරප්තැලේට් හා පොලිවිනයිල් ක්ලෝරයිඩ් යන ප්ලාස්ටික් වර්ග දෙක තහනම් කර ඇත. 02 February 2021
වෛද්‍ය දන්තනාරායන කොරෝනාවෙන් මරුට කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා අද (2) උදෑසන මියගිය බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග පවසයි. 02 February 2021
සෙට්ටිකුලමේදී හමුදාව සමග වෙඩි හුවමාරුවක් වව්නියාව සෙට්ටිකුලම් කප්පාච්චි රක්ෂිත කැලෑ ප්‍රදේශයක ආරක්ෂක රාජකාරියේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසක් සහ තවත් පිරිසක් අතර වූ සිදු වූ වෙඩි හුවමාරුවකදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි. 02 February 2021
දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොරෝනා තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවී ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි. 02 February 2021
අබලන් ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කරන්න යයි මත්ස්‍ය ගහනය වැඩිකිරීම සදහා අබලන් වු බහුදින ධීවර යාත්‍රා හා අබලන් බස්රථ මුහුදු පතුලේ තැන්පත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ගාල්ල වරාය ආශ්‍රිතව ලබන මාසයේ දි ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පවසයි. 02 February 2021
කොවිඩ්-19 එන්නත 95,550 කට ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට මෙරට 95,550 දෙනකුට ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. 01 February 2021
නැගෙනහිර ජැටිය රඳවාගැනීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබාගෙන සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. මේ සඳහා වරාය සහ නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් අද (01) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 01 February 2021
රන්ජන් රාමනායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමාට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මෝසමක් ගොනු කර ඇත. 01 February 2021
අද කොවිඩ් ආසාදිතයන් 816 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 468 දෙනෙකු අද (01) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.45 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 01 February 2021
තවත් කොරෝනා මරණ 7 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (01) තහවුරු කළේය. 01 February 2021
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හයකට කොරෝනා අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හය දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට අද (01) දිනයේ තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 01 February 2021
ට්විටර් සමාගම ඉන්දීය ගොවීන්ගේ ගිණුම් අත්හිටුවයි ඉන්දීය රජයේ ඉල්ලීම මත ට්විටර් ගිණුම් සිය ගණනක් අවහිර කළ බව ට්විටර් සමාජ මාධ්‍ය ජාල සමාගම සඳහන් කරයි. 01 February 2021
අම්පාරේ මවක - පුතෙකු කපා කොටා ඝාතනය කරලා අම්පාර දමන ප්‍රදේශයේ වරලන්දා ගම්මානයේ මවක සහ පුතෙකු අද (01) කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි. 01 February 2021
අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිට සිව්දෙනෙක් එක්වී පහරදීලා අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට පහරදුන් එකම පවුලේ 4දෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි. 01 February 2021
සුවය ලැබූවන් ගණන 58,000 පනී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 916 ක් සුවය ලබා අද (01) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 01 February 2021
අද සිට පාසල් සිසුන්ට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ පාසැල්වල අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව අධ්‍යාන අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා පැවසීය. 01 February 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026