
(රංජිත් රාජපක්ෂ)
හැටන් වටවල ලොනැක් වතුයායේ පිහිටි වැවෙහි දිය නැමට ගොස් තරුණයක් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වටවල ලොනැක් වත්තේ පදිංචි සින්නයියා රාජා (38) හැවිරිදි දෙදරු පියකු හා හලාවත විලත්තල ප්‍රදේශයේ පදිංචි සචින්ත දිල්ෂාන් (21) හැවිරිදි තරුණයාගේ සිරුරුයි.
ජිවිතක්ෂයට පත් දෙදෙනා වටවල ලොනැක් වතු යායේ පිහිටි සත්ව ගොවිපොලක ගොඩනැගිල්ලක් ඉදි කිරිමේ කටයුත්තක නියැලි සිටි අය බවත්, ඔහුන් දෙදෙනා එම ගොවිපොලේ ගොඩනැගිල්ල ඉදිකිරිමේ කටයුත්තේ නියැලි සිටින තවත් තිදෙනකු සමග වැවේ දිය නැමට ගොස් සිටියදි දියේ ගිලි අතුරදහන් ඇත.
ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් (20) දින උදැසන එම වැවේ තිබි ගොඩ ගනු ලැබුහ.
සින්නයියා රාජා වැවෙහි දිය නාමින් සිටියදි ඔහු දියේ ගිලෙමින් සිටියදි ඔහු බේරා ගැනිමට සචින්ත දිල්ෂාන් වැවට පැන උත්සහ කල අවස්තාවේ දෙදෙනාම දියේ ගිලි අතුරුදහන් වි තිබුණි.
අතුරුදහන් වු දෙදෙනාගේ සිරුර සොයා ගැනිමට වතු කම්කරුවන් උත්සහ කලත්, සිරුරු සොයා ගැනිමට නොහැකි වු නිසා ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් සහය ලබා ගැනිමට නෝටන්බ්‍රිජ් පොලිසිය කටයුතු කරනු ලැබුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd