(ඩයනා උදයංගනී)
නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේ තැබෑරුම් විවෘත කර මධ්‍යසාර පෝලිම් නිර්මාණය කිරීම නැවත නැවතත් හෙලා දැකිය යුතු පිළිකුල දනවන අවාසනාවන්ත හා අනුවණ ක්‍රියාවක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.
කොවිඩ් බෝවීම සීඝ්‍ර කරවන මධ්‍යසාර සමාජගතකිරීමේ වගකීම් විරහිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ද සභාපතිවරයා සඳහන් කළේය.
එය සමස්ත ප්‍රජාවේම ජීවිත අනතුරේ හෙලීමක් බව ද ඔහු පවසයි.
එන්නත්කරණය මගින් ජනතාව තුළ ගොඩනැංවූ ප්‍රතිශක්තිය පහත හෙළීමට ද හේතුවන මෙම කටයුත්ත කිරි කලයට ගොම මුසු කළා වැන්නක් බවත් මත්පැනට එරෙහිව හඬ නැගූ අනගාරික ධර්මපාල තුමන්ගේ ජන්ම දින සැමරුම යෙදුනු දිනයේ සිට මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම ගැන කණගාටු වන බවත් වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර පොලීසිය පැන්නත් ගෙදරක වුනත් අරක්කු විකුණන්නෙ වෙන දෙයක් කරන්න බැරි නිසා.ඉතිං මේ ආණ්ඩුවත් එහෙම තමයි.මොන දෙයක් කරල හරි ආදායමක් ලැබෙනව නම්.
මේ මොකද අප්පා මේ? නිකන් අලුතින් බාර් විවෘත කළා වගේනේ... මෙයාලද, ආණ්ඩුවද දැන් රට පාලනය කරන්නේ...?
දැක්කේ නැද්ද පිළියන්දල කටුවාවල එන්නත් පෝලිම. මම ඒක දැකලා ගෙදර ඇවිත් කිව්වා ඒ පැත්තට සෑහෙන්න කොරෝනා බෝවෙයි කියලා, එසේම වුණා. බාර් පොකුරු කොහේද තියෙන්නේ? ඇල්කොහොල් ගන්න බැරි අය රජය කරන හැම දෙයක්ම දකින්නේ වැරදි ලෙසයි...
බාර් කියන්නේ බීම, බෝතල් පිටින්ම විකුණන තැනක් නෙමෙයි. ඇතුළට ගිහිල්ලා වීදුරුව ගානේ බොන තැනක්නේ. බාර්වලින් එළියට ගෙනියන්න විකුණන්නේ නැහැ. ලිකර් ෂොප්ස් ඊට වඩා වෙනස්... ඒවායින් බෝතල් පිටින්ම විකුණනවා. එතන බොන්න බැහැ. දැන් මොකද්ද ඇරලා තියෙන්නේ? ලිකර් ෂොප්ද? බාර්ද?