
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා එම පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙන වෙනම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (23) ගොනු කරන ලදී.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකහි එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරු නම් කරනු ලැබ සිටිති..
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබෙන බවය.
ඒ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපති ලෙස හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිව්ඩ් කබ්රාල් පත් කිරීම , රටේ ජනතාවගේත් , තමන්ගේ අයිතිවාසිකම් කඩ වීමක් බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.
එබැවින් එම පත් කිරීම බලශූන්‍ය කරන ලෙසත්, අජිත් නිවාඩ් කබ්රාල් මහ අධිපති ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මනුෂ නානායක්කාර යන මහත්වරුන් සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කබ්රාල් හොඳයි සහ හොඳ නැහැ කියන කණ්ඩායම් දෙකක් බිහි වෙලා .මේක පුදුම ලෝකයක්
ඔහු ඉවත් කරලා මනුෂලා කෙරුවා වගේ සින්ගප්පුරුවෙන් කෙනෙක් ගෙනෙල්ලා ඔතන්ට දැම්මානම් හරිනේ.