අපරාධ - සිවිල් - වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ
ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ නීතිය, සිවිල් නීතිය, සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට අදාළ පූර්ණකාලීන අනු කමිටු 3 ක් මේ වන විට ක්‍රියාත්මක වන බවත්, තවත් විශේෂඥ කමිටුවක් මගින් නව ව්‍යවස්ථාව කෙටුම්පත්කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.