(සුජිත් හේවාජුලිගේ)
රට එකවර විවෘත කිරීම බෙහෙවින් අනතුරුදායක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
රට එකවර විවෘත කිරීම නොකළ යුතු බව සෞඛ්‍ය අංශයේ මතය බවද හෙතෙම සඳහන් කළේය.
රට නැවත විවෘත කළ යුත්තේ පියවරෙන් පියවර ක්‍රමානුකූලව බවත් ඒ ආකාරයට රට විවෘත කිරීමෙන් ප්‍රශ්නය කළමනාකරණය කර ගත හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
රට විවෘත කළත් ජනතාව සෞඛ්‍යය නීති දිගටම පිළිපදිමින් ඥානාන්විතව කටයුතු කළ යුතු බව පැවසූ හෙතෙම එසේ කටයුතු නොකළහොත් කොරෝනා රැලි තවත් ඇතිවීම වැළැක්විය නොහැකි බවද කීවේය.
මෙතනදී ජනතාවට ලොකු කාර්යභාරයක් තිබෙන බව ඔහු වැඩිදුරටත් කීය.
හේමන්ත හේරත් මහතා මෙසේ පැවසුවේ රට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ගහපු එන්නත් ශුවර් නැද්ද? රටේ තව මොනව ද අරින්න තියෙන්නේ. මෙයා කියන ඒවා මෙයා දන් නෑ. බාර් ඇරිය එක ගැන ඇහුවම බ්ලප් බ්ලප් ගානවා. පොත් කඩ අරින්න ඇහුවම කොරෝනා පොකුරු හැදෙයිලු.
රට වහලා කියලා ඔබතුමාට කවුරුහරි කිව්වද.?
ජනතාව මත වගකීම පවරමින් නිරෝධායන නීති තදින් ක්‍රියාත්මක කරමින් රට විවෘත කළ යුතුය. එන්නත් ලබා නොගත්, දැනට එන්නත් ලබා දුන් වයස් කාණ්ඩවල කිසිවෙකුටත් පොදු ස්ථානවලට ඇතුලු වීමට අවසර නොදි යුතුය. රැකියාව කරන ස්ථානය පවා ඔවුනට තහනම් විය යුතුය. ලෝකයේ රටවල් විවෘතව ඇත්තේ මෙසේ ය.
කොරෝනා වවන් කෑම නතර කරන්න.
විවෘත කරන්න වහලා තියෙන්න එපායැ...