
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය ජාතික පාසලේ පැවති කෝවිඩ් එන්නත් කරණ මධ්‍යස්ථානයට එන්නත් ගැනීමට තරුණ පිරිස් පැමිනිම අඩුවීම නිසා එන්නත්කරණ කටයුතු අතරමග නවතා කාර්ය මණ්ඩලය ආපසු කාර්යාල වෙත යැවිමට කටයුතු කළ බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවි අබේරත්න මහතා පැවසිය.
කොට්ටුකච්චිය එන්නත් මධ්‍යස්ථානයේ 20 - 30 අතර තරුණ තරුණියන් 2000 කට එන්නත් ලබා දීමට සුදානම් කර තිබු බව ද වෛද්‍ය නිලධාරීවරයා පැවැසීය.
මෙම මධ්‍යස්ථානයේදී සයිනෝෆාම් කෝවිඩ් මර්ධන එන්නත ලබා දිම සිදුව තිබුනී.
නමුත් උදේ 8 සිට දහවල් 1 පසුවන විටත් 200 කටත් අඩු පිරිසක් සහභාගි විමත් සමග අදාල එන්නත් කරණ කටයුතු සිදු කිරීම ගැටළුවක් වු බව පැවැසූ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා වැඩි තම කාර්ය මණ්ඩලය හා ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජීකයකු ඇතුළු 35 කට ආසන්න කාර්ය ආපසු කැඳවූ බවයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු තේරුම් ගන්නවා.
කරුණාකර නොදියුණු පාසලේ තත්ත්වය බලන්න කරුණාකර අවම වශයෙන් අවශ්‍යය දේ කර පාසල දියුණු කිරීමට කාරුණික වන්න.
බොරුවෙන් හැමදාම ජිවත් වෙන්න බැහැ. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්
අනාගතයෙ දවසක මෙයාලම කියයි එන්නත නොදුන් නිසා හැදුණා කියල හරි, මැරුණ කියල හරි. දැං අහවල් රැල්ල කියලත් කියයි.
30ට අඩු අයට ෆයිසර්, මොඩර්නා වගේ එන්නතක් දුන්නනම් පෝලිම ඉඳියි සැතපුම් ගාණක්. රටේ තරුණ පරපුර බුද්ධිමත්.
වයසක ප්‍රජාව ගොනා කරන්න ආණ්ඩුවට පුළුවන් වුණාට තරුණ ප්‍රජාව ගොන්නු කරන්න නම් අමාරුයි...
එන්නත අවශ්‍ය වී ඇත්තේ රජයටයි. බොහෝ අය එන්නත් ලබාගත්තේ බියගැන්වීම් නිසායි.
පිටරටවල ජනාධිපතිවරුන් ප්‍රසිද්ධියේ ඖෂධ ගත්තේ අපේ ජනාධිපති, අගමැති ගාත්ත ඖෂධය මොකක්ද එළිකරන්න...
ජනාධිපති, අගමැති ගත්ත එන්නත් හෙලිකරන්න වෙන රටවල ප්‍රධානීන් ප්‍රසිද්ධියේ ඖෂධ ගත්තේ..
මම ඉන්නේ මැද පෙරදිග රටක .බේත් විදින්න කැමති නැත්නම් ගෙදර යන්න පුලුවන් එච්රයි, දැන් 80% ගහල ඉන්නේ