(නිපුන් ගරුක)
පාසල් ළමයින්ට නිවසේ සිටම හැදෑරීමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.
සිසුන් අතර ජනප්‍රිය මෝටර් කාර්මික ශිල්පය, හෝටල් සහ සත්කාරක පාඨමාලාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, විදුලි කාර්මික පාඨමාලා මෙලෙස ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
තෝරාගත් රූපවාහිනී නාලිකා හා යූ ටියුබ් නාලිකා ඔස්සේ විකාශය කරන මෙම පාඨමාලා සඳහා 07 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට මේ සම්බන්ධ විය හැකි බවද සීතා අරඹේපොල මහත්මිය කීවාය.
මෙම පාඨමාලා ඔස්සේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීම සිදුකරන අතර පාඨමාලා අවසානයේ මාර්ගගත ක්‍රමයට විභාග (online exam) පැවැත්වීම සිදුවේ.
එය සමත් වූ පසු වෘත්තීය පුහුණු ආයතනයක් සමඟ එක්ව ප්‍රායෝගික පුහුණුව ලබා එන්.වී.ක්යු (N.V.Q) සාධන මට්ටම දක්වා ඉදිරියට යාමට පාඨමාලා හදාරන්නන්ට අවස්ථාව ලැබෙන බව ඇය සඳහන් කළාය.
පාඨමාලා හදාරන සිසුන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් ද පෞද්ගලික ආයතන දෙකක් සමඟ එක්ව සැලසුම් කර ඇති අතර පාඨමාලාවලට සම්බන්ධවීම පිළිබඳ හා ඒ පිළිබඳ අනෙකුත් තොරතුරු එම රූපවාහිනී සහ යූටියුබ් නාලිකා ඔස්සේ ප්‍රචාරය කරන බව සීතා අරඹේපොල මහත්මිය කීවාය
එසේම වයස අවුරුදු 18 සම්පූර්ණ නොකළ සිසුන්ට මාර්ගගත විභාගවලට පෙනී සිටීමෙන් පසු සහතිකපතක් ලබාදී එම වයස සම්පූර්ණ කළ පසු වෘත්තීය පුහුණු ආයතනයක් හා එක්වීව ප්‍රායෝගික පුහුණුව ලබා රැකියා අවස්ථා උදාකරගත හැකි බව ඇය පැවසුවාය.
මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගිය 18 වැනිදා විකාශයවූ බවත් ඉදිරියේදී සෑම සෙනසුරාදා දිනකම විකාශය කරන බවත් ඇය සඳහන් කළාය.
රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න බොලේ මෙයා කල එලි බැහැලා.
අනේ අප්පේ ඔව්.... ලමයින්ට ඔන්ලයින් උගන්නගන්න හරි ක්‍රමයක් රටක් විදියට තාම බැරී කොට. මෙයාලගේ අනික් දෙවල් හිතා ගන්න පුලුවන්. ඉන්ටෙර්නෙට් නැතුව පොඩි උන් ගස් උඩ නගිනවා ඉස්සල්ලා කරන්න පුලුවන් පොඩි දෙවල් ටික හරියට කරලා දෙන්න. කයිවාරුව නවත්තලා.
ඉතාම හොඳ අදහසක්. තැපෑලෙන් කාර් හදන්න උනත් උගන්වන්න පුළුවන්නේ නේද.?
මෙතුමිය ඉන්නවද, දැක්කේ නෑ ගොඩ කාලෙකින්.
එදා වේදිකාවේ කියු වගේ දෙයක්ද මේ ? නොනේ විහිලු සපයන්න එපා, එන ඔලිම්පික් වලට අපි පිහිනීම නිවසේ සිටම හැදෑරීමට ආරම්භ කරමු නේ ? වියතුන් කී වියත්මගට ගියකල.
වියතුන්ගේ ටිකිරි මොල ගැන ආඩම්බරයි. කියත, අඩුව, නියන පාවිච්චි කරනකොට හදිසි අනතුරක් වුනොත් ඔන්ලයින් වලින්ද බෙහෙත් කරන්නේ? ඔන්ලයින් ක්‍රමයට පිහිනන්න උගන්නන්න එහෙම අදහසක් ඔය ටිකිරි මොලේට එන්නෙම නැද්ද?
කාලෙකට පස්සේ අඳෝනාව කලඑළි බැහැලා වගේ. මේ පාර ඔන්ලයින් ක්‍රමයට වගේ දෙන්ඩ යන්නේ. පාලනයකින් තොර රැඟුම්, වැයුමු , ඉදිරි නාටකයේ ආරම්භයයි.
ඔය කරන්න හදන්නේ ඔන්ලයින් ප්‍රවර්ධනය , කරුණාකරලා රට අරින්න.
මෝඩ වුනාම ඔය වගේ අදහස් එනවා
ඒත් මම බැලුව කෝ කියලා
දැනටත් පුළුවන්. තණකොළ ගලවන්න, පැලය ක් හිටවන්න විතරක්ම නෙවෙයි ෆෝන් එකේ ඕන දෙයක් කරන්නත් පුළුවන්.
හොද වැඩක්
ඉතින් දොස්තර කෙනෙක් වෙන්න ඔය විදිහට පුළුවන්ද මැඩම්..!
විස්තර තියෙන link එක එවන්න.
මෙවා ප්ලෑන් කර කර හිටපු නිසා වෙන්ඩ ඇති දකින්ඩ නැතුව හිටියේ. ආවේ නම් කොහොමද ?
" ඔබ ඉතිහාසය ඉගෙන ගන්න ඕනෑ. ඒ වමාර වමාර සන්තෝෂ වෙන්න නොවේ. මේ ඔබේ ඇඟේ දුවන රුධිරය මොනතරම් ප්‍රවුඩ ජාතියක රුධිරයද කියල දැනගන්නයි. ඔබ මේ පොලවට පහල උනේ කුමන පරම්පරාවක වර්තමාන කියවීම ලෙසද කියල දැනගන්නයි. ඔබට තිබුන ඒ තාක්ෂණ ඥානය වීරෝධාරත්වය ජාතිය වෙනුවෙන් කැපවෙන්න තිබුන කැපවීම ගැන ඔබ දැනගන්නයි"