(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සිරකරුවන් වෙත සිදුකළැයි කියන අයුතු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය ලෙස විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත්කර ඇත.
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සරෝජනී දැම්මත් වැඩක් නැහැ. අන්තිමට තීන්දුව දෙන්නේ රාජපක්ෂ සරෝජනීලා
මේ රටේ ලොක්කන් කරන වැරදි වලට තවත් ගණනක් වියදම් කරලා කොමිසන් දමනවා. උණුසුම යනකන් ටිකක් කියවනවා. ඊට පස්සේ වැරැද්ද නිවැරදියි කියලා හෝ වෙනත් බයිලයක් කියවනවා. ඒ වන විට උණුසුමත් ඉවරයි. වැරැද්ද කල අය සුපුරුදු ලෙස යහතින් වැජඹෙනවා. ඉතින් කෙලෙසද විනයක් නීතියක් පවත්වාගෙන යන්නේ.
අපක්ෂපාතීව අධිකරණයේ ගෞරවය රකිත්වා !
ශ්‍රී ලංකාවේ කොමිෂන් වලට තියෙන්නේ විහිලුකාර ඉතිහාසයක්.. ප්‍රශ්ණ විසදීමට වඩා ප්‍රශ්ණ යටගසා කල්මැරීමට මෙය රජයන් විවිධ අවස්ථාවලදී ගන්නා උපක්රමයකි. සාර්ථක ප්‍රතිපල අත්කර දුන් කිසිම කොමිසමක් මෙතෙක් සිතා ගත නොහැක.
අල්ලලා ලොකප් කරලා ඉවරවෙලා නේද විමර්ශනය පටන්ගන්න ඕනේ?
සෑම අපරාධකරුවෙක් සම්බන්ධවම කොමිසම බැගින් පත් කිරීම සුදුසුයි
ඇයට විශ්වාස නැත .. ඔහුව සියළුම තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුය.
සියලුම සාක්ෂි හෙළිදරව් වීම වලකා සාක්ෂි නොමැති බව හඟවා විමර්ශනයකදී චුදිත වරදකරු කල නොහැක.
අවසානයේදී නිදොස් කොට නිදහස් කරන ලදී .
අපේ ගරු ඇමැතිතුමා කරුණු ඉදිරිපත් කරන්න නවතියි කියලා හිතන්න බෑ. ඇය කතාව කියන්නේ එතුමා ළඟ... ඒ හින්දා පොල්ලෙන් ගැහුවා වගේ විශ්වාසයි.