(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමාට රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් සහ කෝට්ටේ ප්‍රදේශයේ කෝටි දෙකක් වටිනා නිවෙසක් තිබෙන බව ඔප්පු කළහොත් ඒ මොහොතේම ඒ ඔප්පු කරන අයට එම දේපළ පවරා දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තමාට අනුරාධපුරයේද නිවාස කිහිපයක් ඇතැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ බවත් එයද පට්ටපල් බොරුවක් බවත් හෙතෙම සඳහන් කළේය.
අනුරාධපුරයේ එවැනි නිවාස ඇතැයි ඔප්පු කළහොත් ඒ නිවාසද එලෙස ඔප්පු කරන අයට ලියා දෙන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
තමා ගේ මහාචාර්ය ධූරය ගැනද රජිත මන්ත්‍රීවරයා චෝදනා කළ බවත් තමා මහාචාර්ය ධූරයට පත්වූයේ නියම ලකුණු වලට වඩා තුන් ගුණයක් ලබාගෙන බවත් ඔහු පැවසුවේය.
ජයසුමන මහතා මෙසේ පැවසූවේ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා චන්න ජයසුමන මහතා සම්බන්ධයෙන් කළ චෝදනාවලට පිළිතුරු දෙමිනි.
රාජිත සේනාරත්න මහතා චන්න ජයසුමන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඊයේ චෝදනා රැසක් ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඩිලීට් කේස් එක අමතක කරලා දැම්මොත් ඔබතුමාට ඔය චෝදනා එල්ල කරන එකක් නැහැ. දැන් එයාට පත්තු වෙලා තියෙන්නේ... ඒකයි ඔය දුම්මල වරම අරන් තියෙන්නේ...
කොහොම ඔප්පු කරන්නද ?අපි නොදන්නා දේශපාලුවන් .ඔක්කොම එකයි
මොකද ඔයතරම් කලබල.. දේශපාලුවන් කියන කතා කාටද විශ්වාස කරන්න පුළුවන්...
මෙවැනි උගත් මහතවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. ඔවුන් කිසිදිනෙක රටට වරදක් නොකරන්නේ යැයි විශ්වාස තැබිය හැකිය. නමුත් පාර්ලිමේන්තු නම් වූ මඩ ගොහොරුවට බැසගත් පසු හතර අතින් මඩ විසිවීම වැලැක්විය නොහැක. හොරුන් , බොරු කාරයින් කැළඹී ඇති වගක් පෙනේ.
රාජිත එක්ක සෙල්ලම් කරන්නේ බලාගෙනයි
ලංකාවේ දේශපාලුවන්ගේ දේපොළ කොහොමද හොයන්නේ ?
රාජිතට නැව් ගන්න සල්ලි හෙව්වේ කොහොමද කියල අහන්න කවුරුත් නැද්ද ?
ඔය 225යි ,අර එකයි ඔක්කොම රට සූරාගෙන කන කම්බ හොරු.ඔක්කොමලා එළවලා දාන්න ඕනේ
ජයසුමන ගොයියෝ "නුඹ " දෙස මිනිසුන් ඉතා ඕනෑකමින් බලාසිටිමින් නිරීක්ෂණයේ යෙදන බව අමතක නොකරනු. අපට "නුබේ" ආචර්ය මහාචාර්ය අර දොස්තර මේ දොස්තර පට්ටම් වලින් අපට වැඩක්ම නැත.නුබට ඉතාමත්ම දුර ගමනක් ඇතිබව පෙනෙන බැවින් අරාජිත වැනි එක එක තක්කඩි හොරුන්ගේ ගොන් පාට් වලට වචනයෙන් පිළිතුරු දෙනවාට වඩා ඥානයෙන් පිළිතුරු දෙමින් උපන් රටට සේවය කරොත් අවංක පුරවැසියන් නුබගේ ඒ දුර ගමනට අනිවාර්යෙන්ම අත්වැල් දෙනු ඇත. ඒ බැවින් "ජයසුමන ගොයියෝ" හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී යන අර්ථවත් ගීත නුබට ඇසීමට ඉඩ සැලසේවා....අරාජිතයා ප්‍රමුක ඒ හොර හැත්ත ගැන මිනිසුන්ට අමුතුවෙන් කිව යුතු නැත.
ඔබට සල්ලි තිබෙනවානම් වාහන නොවෙයි ප්ලේන් ගන්න කාගෙන්වත් අවසර ඕනේ නැතිබව කියන්න. ඒ ගොල්ලෝ සල්ලි හම්බකරපු විදිහ දන්නා බව කියන්න. ඒ ගොල්ලෝ සල්ලි හම්බකරපු විදිහ ජනතාව දන්නවානම් ඔබ නොදැන ඉන්න හේතුවක් නැහැනේ?