(ඩයනා උදයංගනී)
කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකානු සමාගමකට ලබාදීම ගැන මෙතෙක් එකඟතාවක් ඇතිවී නැති බවත් දැනට පවතින්නේ දෙපාර්ශවය අතර සංකල්පීය එකඟතාවයක් පමණක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
තමන් හිටපු විදුලිබල අමාත්‍යවරයා ලෙස සිටියදී මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමතිවරයා එය ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වභාවික ද්‍රව වායු බලාගාර පිළිබඳ ටෙන්ඩර කටයුතුවලට බාධාවක් නොවන අයුරින් සිදුවිය යුතුය යන්න තම ස්ථාවරය බව ද කීවේය.
රටට අවශ්‍ය ස්වභාවික ද්‍රව වායු ලබාගැනීමේ දී කිසියම් රටක ඒකාධිකාරයක් ඇති නොවිය යුතු බව ද ඇමතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා ඉදිරියේ දී ප්‍රකාශයක් කරනු ඇතැයි ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඔයාට තාම සංකල්පයක් පමණක් උනාට අරහෙ පෙරහැර ගිහිල්ලා ඉවරයි
විදුලි බල සහ බලශක්ති ඇමතිගේ කටේ පිට්ටුද ?
එතකොට 40% කොටස් වල අයිතිය දුන්න බව මෙයා දන්නේ නැද්ද?
ඔන්න මෙයත් රාජපක්ෂලාගේ රෙදි හෝදන්න පටන් අරගෙන.
ඩලස්, ඔබ ජීවත් වන්නේ කොහේද?
මේ කට කියන්නෙ වචන පැටලවිල්ල , ඔව හොඳ වැඩ නෙවෙයි, පේනව නේද රාජකීය වෙද මහත්තයට වෙච්ච සං ගෙඩිය.
ඩලස් ඇමතිවරයා තවම නින්දෙන් නැගිටලා නැහැ වගෙයි .එහෙ පෙරහැර ගිහින් ඉවරයි
ඇමති මාරු උන හේතුව දැන් පැහැදිලියි.
ෂා ... ලස්සන පද රචනයක් ... "සංකල්පීය එකගතාව".... අර ඒ කාලෙ ලියපු "උතුරු-මිතුරු" පද රචනය වගේමයි ....
ඒකනේ කියන්නේ. සංකල්පයක් විතරයිනේ.
අම්මෝ එකෙත් හැටි...
කඩේ යෑමේ සීමාවක් නැතිද.?
බංගලාදේශයෙන් ණය ගන්නකොට කිව්වේ ණයක් නෙවෙයි මුදල් හුවමාරුවක් කියලා හැබැයි පොලියක් ගන්නවා කිව්වා හුවමාරුවට.
මේ මූනත් ඉදිමුන මානසිකත්වයේ සංකල්පය පෙන්වනවා නේද. ලොක්ක වගේම තමා නොදන්න දෙයක් නෑ.ඒත් දන්න ඉලව්වකුත් නෑ.හිස් මිනිස්සු.
ඒක ඔබතුමාගේ පෞද්ගලික මතයනේ .ආණ්ඩුවේ මතය 40% දීලා ඉවරයි