(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සිරකරුවන් වෙත සිදුකළැයි කියන අයුතු බලපෑම සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් සිදුකරන පරීක්ෂණයේ ‘අවසන් වාර්තාව’ ඉදිරි සති දෙක ඇතුළත බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාළව පුළුල් පරීක්ෂණයක් සිදුකිරිම සදහා බන්ධනාගාර කෙමසාරිස් ජනරාල්වරයා විසින් කොමසාරිස් ජනරාල් (සැපයුම්) සුනිල් කොඩිතුවක්කු මහතා පත්කරනු ලැබ තිබුණේ ඉකුත් 15 වැනිදාය.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මෙන්ම වැලිකඩ බන්ධනාගාරවල නිලධාරින්ගෙන් සහ සිරකරුවන් ඇතුළු 40 දෙනකුට ආසනන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද පැවසෙයි.
එම ප්‍රකාශවල සාරංශය ඇතුළත් කර මෙම අවසන් වාර්ථාව මේ වන විට සකස් වෙමින් පවතින බවද සදහන් වෙයි. පසුව එම වාර්තාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා අධිකරණ අමාත්‍යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.
සිරකරු දිනය පැවැති ඉකුත් 12 වැනිදා හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සිරකරුවන් බලපෑම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවීමත් සමඟ ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඉකුත් 15 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මට මතක නැහැ, මම එතන හිටියේ නැහැ, cctv රෙකොර්ඩ් මැකී ඇත" වැනි දේ මේ වාර්තාවේ අඩංගු විය හැකි කරුණුයි.
වාර්තාව කවද ආවත් උත්තරේ 'සාක්කි නැත' කියලයි
රජයක් හැටියට කල යුත්තේ මේ පුද්ගලයාව සියලුම තනතුරු වලින් ඉවත්කර පරීක්ෂනක් පවත්වා ඔහු වැරැදිකරු නම් උපරිම දඬුවම් දීමයි
චෝදනාවල් තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් නොමැත
සති 2ක් මොකටද? එතැන සිටිය අය ඇසින් දුටු සාක්කිනේ. රෑ හෙළිකොප්ටරයකින් ගොස් කිරිමට තිබු වැඩය කුමක්ද? එය කරගෙන ආවාද? රට ලොක්ඩවුන් කාලේ මහපාරේ මහරෑට ට්‍රැෆික්ද උඩින් යන්නේ හිරගෙදරකට? සීසීටීවී හැමතැනම ඇතිනේ? අනික මේ ඇමතිගේ එකම කතාබහට ලක්වු සිද්ධය මෙය විතරමද?
මේ වගේ ඇමතිලා තමන්ගේ දරුවා ඉන්න ඉස්කොලේ උත්සවයකට එහෙම ආවොත් තමන්ගේ හොද දරුවෝ ලව්වා දණ ගහලා වන්දවන්න කැමති දෙමව්පියන් තාම ඉන්නවද?
වාර්තාව ලියවෙන්නෙ දැනට පිට රට ඉන්න මහ රජ්ජුරුවන්ට ඕන විදියට, රටේ බුද්ධිමත් ජනතාව ඒක දන්නව, මේ රජය කරන ඕනම වැරැද්දක් නිවැරදි විදියට දකින අයට එම වාර්තාව දැකල සන්තෝෂ වෙන්න පුලුවන්.
මේ සෑම "තිරිසනෙකුගේ" අතීතය දෙස හොදින් නිරීක්ෂණය කරන කෙනෙකුට කිසිදු පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නැත. ඒතරමටම කාලකන්නින්ය. මෙය දේශපාලුවන් 225ම පොදු ලක්ෂණයකි.එබැවින් අනේ අපේ දේශපාලුවා හොදයි,අවංකයි සත්ගුණවත් අනිත් පක්ෂවල දේශපාලුවන් තමයි ඔක්කොම වැරදි කරන්නේ යන මතයේ ඉන්න මිනිසුන් නොවීමට සියලු ලක්වැසියනට හැකිවේද එදා සිට අපේ රට ගොඩ නැගිය හැක. අනිකාගේ අදහස් සමබරව තේරුම් ගැනීමට නොහැකි සැමට මෙය කියවීමට හැකි වේවා.....
ලොහාන් හිරේ යාවි කියලා මට ලොකු බයක් හිතෙනවා.
ඒකත් බලමුකෝ