
වැලිගම ප්‍රාදේශීය සභාව මගින් වරකපිටිය ප්‍රදේශයේ ඉදි කළ ආදාහනාගාරය සහ අවංගල්‍ය ශාලාවේ සමරු ඵලකයේ දේශපාලනඥයන්ගේ නම් 51ක් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇත.
ජනාධිපති,අගමැති,කතානායක ඇතුළු පාර්ලිමේන්තු මෙන්ම ප්‍රාදේශීය පක්ෂ විපක්ෂ දේශපාලනාඥයන්ගේ ද මන්ත්‍රී හිමිවරුන්, රාජ්‍ය නිලධාරීන් දකුණු පළාත් කොමසාරිවරයා ඇතුළු 51කගේ නම් ඇතුලත් කර තිබේ.
මෙය සමාජය තුළ දැඩි කතාවට ලක් වූ කාරණාවක් බවට පත්ව තිබේ. මහජන මුදලින් ඉංජිනේරු සමාගමට සහ ප්‍රධාන ඉංජිනේරුවරයාට සමරු තිළිණ ලබා දීම කෙරෙහි ද මේ වන විට සමාජ මාධ්‍ය මෙන්ම සමාජය තුල ද දැඩි කතා බහට ලක්ව තිබෙන කාරණාවක් වි හමාරය
වැලිගම ප්‍රාදේශීය සභාව මින්පුර නැඟුම ව්‍යාපෘතිය යටතේ ලක්ෂ හත්සියක මුදලින් ඉදිකළ ‘‘නිසල අරණ“ ආදාහනාගාරය සහ අමංගල්‍ය ශාලාව ජනතා අයිතියට පත් කිරීම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම,මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, කරුණසේන කොඩිතුවක්කු,දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ සල්ලිවලින් හැදුවා නම් කමක් නෑ, කරුනාකර ඔය පලකය ගලවා මහජන මුදලින් සාදනලදි කියා පලකරන්න.
මේ උතුම් පිනෙන් නිවන් සැප ලැබේවා.!
51 දෙනෙක්ගේ නම්.?
ඕකේ ආදාහනය වෙන්න ඕන අය ඇරුනම අනික් අයගේ නම් ඉවත් කරන්න.
දේශපාලුවන් 51 දෙනෙකුගේ පුද්ගලික ධන නිධානයන් වියදම් කර හදන්නට ඇති නේද? එලෙසම මෙය ආසියාවේම ලොකුම ලොකු ආදාහනාගාරයක් විය යුතුමය. මක්නිසාදයත් දේශපාලුවන් 51 ක් කොතරම් ධනස්කන්ධයක් මේ සදහා වියදම් කර ඇත්ද. එබැවින් මෙය අක්කර ගණනකට විහිදී ඇති අතිවිශාල ආදාහනාගාරයක් විය යුතුය.
මමත් දැකල තිබෙනවා නගර සභා, ප්‍රාදේශීය සභා ඔක්කොම මන්ත්‍රී වරුගෙ නම් සමහර ඵලක වල ගහල තියෙනවා. ඒක අනවශ්‍ය වැඩක්.
ඕක හදන්න පුද්ගලික බූදලේ වියදම් කරපු අයගේ නම් වෙන්න ඇති....
පොරොත්තු ලේඛනය?
විහිළු තමයි
ගරු කියලා අමතන්නේ වැටුප් නොලබා වැඩකරනවානම් පමණයි. මේ මිනිස්සුන්ට තියෙන්නේ පුදුම හීන මානයක්.
ඔය දැන්වීමට ගිය මුදල් වලින් තව ආදාහනාගාරයක් හදන්න තිබුනද කියලා හොයලා බැලුවොත් හොඳයි.
මේ දේශපාලකයෝ පනස් එකටම මේ ආදාහනාගාරයේ සේවාව ඉක්මනින්ම ලැබේවා..... මහජන පැතුම එයයි....
මහජන මුදලින් ප්‍රසිද්ධියට පත්වීමට උත්සාහකරන අයගෙන්ම ඕකෙ වැඩ ආරම්භ කරන්න ලැබෙනවා නම් රටට කොච්චර යහපතක් වේවිද ?
කිව්වෙනම් පාරවල් වල දේශපාලකයන්ගෙ නම් නොදා රාජ්ජ්‍ය ලාංඡනය දාන්න ඕනෙ කියලා ඒ උනාට කරනකොට පුවරුවකට දේශපාලකයන්ගෙ නම් 51ක් දාල තමයි හදන්නෙ.
ඕකෙ නම් තියන එකෙක්වත් ඕකට පුද්ගලික වියදමින් සත පහක්වත් වියදම් කරලා තියනවද ?
හදන්න වියදම් කලේ පිටරටින් ගත්ත ණය හා මහජන බදු මුදල් කියල ලියල නැහැ නේද ?
තවම ගෝත්‍රික මට්ටමේ නේ
සෞභාග්‍ය කරා යන ගමනක් මේක .අධාහනාගාර තවත් උවමනයි
ඉස්සෙල්ලාම ඔය ලැයිස්තුව ආදාහන කරමු .ක්‍රියාත්මක වෙනවද බලන්නත් එක්ක
රාජපක්ෂ සහෝදරයන්ගෙ අම්මයි තාත්තගෙයි නම් දෙක දැම්මම සම්පූර්ණයි .
ඕකේ නම් තියෙන ඔක්කොම ඕකෙම පිලිස්සේවා කියල ප්‍රාර්ථනය කරමු......සාදුකාරයක් දෙමු.....
පෙරහුරුවක් වශයෙන් ඔය 51 ඇතුලට දාල ගිනිතියන්න තිබුනෙ.
මෙවැනි විකාර තිබෙන්නේ ලංකාව වැනි නොදියුණු රටවල .ලෝකයේ දියුණු රටවල මෙවැනි බහුබූත නැත
මගේ නමත් තියනවද දන්නේ නැහැ
51 දෙනාගෙන් ඉස්සරවෙලා නිවන් යන අය මෙතනම ආදාහනය කරන්න . ඊට පස්සේ ඒ නම මකලා දාන්න
ඔතනට ඊළඟට යන්න ඉන්න දේශපාලුවන්ගේ නම් සෙට් එක වෙන්ඩැ. ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .
මිනියක් ආදාහනයකර හෝ ප්‍රසිද්ධියක් ලැබෙනවා නම් එය ලැබීමට පොරකන ප්‍රයත්න දරන ඇත්තන් ගැන කථාකර කාලය වැය නොකරන්න. මොවුන් ජීවත්වුවද මළ මිනිසුන් වැනිය.
මලමිනියෙනුත් දේශපාලනය කරන්න බලන මූසලයෝ ...ඔය වගේ දේවල් දියුණු රටවල කරන්නේ අඩුම ගානේ පත්තරයකවත් පල නොකරීමයි. එයට හේතුව ඔතනට ගෙනියන්නේ, පාටි දාන්න ,ඩිස්කෝ නටන්න නොවන බව දන්න නිසා.