(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙද්දී ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා බාර් අරින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"කථානායකතුමනි ,හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව පැවැත්වීම වැළැක්වීමට යෝජනාවක් ගෙනල්ලා තියනවා .ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ දින 25ක් පාර්ලිමේන්තු කටයුතු නැති වුණා.කොරෝනා අඩුවෙලා නම් පාර්ලිමේන්තුව කල් දාන්නෙ මොකද? යනුවෙන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ පාර්ලිමේන්තුව දින දෙකකට සීමා කළේ පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවයකට අනුව බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවනම් සදා කල් වැහුවත් අපි කැමතියි.
ඒක සාධාරණයි. බාර් නම් ආදායම්, පාර්ලිමේන්තු නම් වියදම්
තමුන්ට ලොකු පාර්ලිමේන්තුව, අපේ ළමයිට අවුරුදු 2ක් පාසල් වහලා. කෝ එක්කෙනෙක් කතා කරනවද විවෘත කරන්න
ඉතින් ගිනිවතුර කඩ අයිති කාරයින් ඔක්කොම දියවන්නාව පට්ටියේ ඉන්න අයට නොතේරීම පුදුමයකි. දියවන්නාව පට්ටිය වැහුවේ නුඹලාට අයිති ඒ ගිනිවතුර කඩවල ගිහින් වැඩකරන්න බොලව්.. හොඳයි කියනවා බලන්න... තමන්ට බාර් එකක්වත් නැද්ද කියලා..?
ආදායම් වැඩි කර ගැනීම (සූරා බදු) සහ වියදම් අඩු කිරීමට (හරක් ගාල නඩත්තු කිරීම) මෙයින් බලාපොරොත්තු වෙනවා...
පුදුම දේවල් වලට මෙයාලත් කතා කරන්නේ
කැමතිනම් ගිහින් බාර් පෝලිමේ ඉන්න .ඒකෙන් රටටවත් අදායමක් එනවා
ඔබ තුමා කොච්චර කල් පාර්ලමේන්තුවේ හිටියද ? මොනවද රටට ගෙනාපු ප්රතිලාභ? මොනවද ඔබතුමා දේශපාලනයට එන්න ඉස්සරවෙලා තිබුණු දේපල? මොනවද ඔබතුමාට සහ පවුලට දැන් තියෙන දේපල ? ඔබ තුමා හොරා කාපුවගෙන් රට අවුරද්දක් වහල තිබ්බත් ඔබතුමැයි පරම්පරාවයි ජීවත් වෙයි, හැබැයි අපිට බැහැ . ඔබ තුමා දේශපාලනේට එනකොට රජය ආදායම් ඉපැයුවේ රහමෙර බද්දෙන් ද ? ඔබ තුමා ආර්ථිකය දියුණු කරපු හින්දද රහමෙර බද්ද නැතිනම් රටට දුවන්න බැරි? මේ ඔබ තුමා මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉඳල හදපු ආර්ථිකයද ?
ඕනේ හරකෙකුට පාර්ලිමේන්තු යන්නත් පුළුවන්, ඕනේ හරකෙකුට බාර් එකට යන්නත් පුළුවන්, ඕනේ හරකෙකුට තප්පුලන්නත් පුළුවන්..... උම්බෑ...................
කිව්වොත් කියන්නේ ගොන් කතාවක්
නැතුව ,බාර් රටේ බොහෝ දෙනෙකුට ඉතාමත් අත්‍යවශ්‍යයි .හැබැයි පාර්ලිමේන්තුවෙන් රටේ ජනතාවට කිසිම වැඩක් නැහැ නේ .ඉතින් බාර් ඇරියා පාර්ලිමේන්තුව වැහුවා
ඕක වහලා තියෙන තරමට හොඳා .කන්ඩ බොන්ඩ දෙන්නත් මොනතරම් වියදමක් යනවා කියලද.
පාර්ලිමේන්තුවෙ ඔක්කොටම බාර් තියෙනවනෙ අයියා! ඉතිං එයාල කොහොමද එක වෙලාවෙ තැන් දෙකක වැඩ කරන්නෙ?
පාර්ලිමේන්තුව ඇරියත් බාර් වගේ තමයි .කිසිම වැඩක් නෑ .බාර් වලින් අදායමක් හරි ලබනවා .පාර්ලිමේන්තුවෙන් වියදමක් යනවා .එකයි වෙනස
ඔයාලට ඕක ලොකු වුනාට අපිට බාර් එකක් තරම්වත් ඕක වැදගත් නැහැ. එහෙම පිටින් ම පච මඩුවක් . මඩ ගහන එකේ නිමක් නැහැ . ඒ සියල්ල වරප්‍රසාද වලට මුවා වෙලා. ඕක ඇතුලේ කියන ඒවා එලියට ඇවිත් කියන්නේ නැත්තෙ ඇයි . නඩු වැටෙන නිසා.
බාර් එකක් වගේ තමා පාර්ලිමෙන්තුව. හොදට බොන මුහුන. පාර්ලිමේන්තුව නෑ කියල අවුලක් නැත. බාර් වැසුවොත් රටම අවුල්
රජයට අවශ්‍ය ආදායම් ලබා ගැනීම මිසක් වියදම් කීරිම නෙමේ. පාර්ලිමේන්තුවේ නිකං වගේ ලැබෙන කෑම එක නැතිව මන්දපෝෂණය හැදෙයි කියලා බයේද කොහේද? පාර්ලිමේන්තු සදාකල් වහනවා නම් අපි නම් සතුටින්.
මාර කතාවක්නේ හලෝ. බාර් ඇරලා වෙන සේවය පාර්ලිමේන්තු ඇරලා වෙනවාද? පාර්ලිමේන්තුව වහල තිබුන කාලේ කෝටි ගණනක් රටට ඉතුරුයි. බාර් වහලා තිබිලා රජයට කෝටි ගණනක් පාඩුයි.
වහල්ලු නම් කියයි කොහොමද සර් ගේ වැඩ කියලා
කිසිම දෙයක හොඳක් දකින්නේ නැති මිනිහෙක් .මොන නැකතක ඉපදිලාද මන්දා
කොළඹ ප්‍රසිද්ද ඉස්පිරිතාලෙක හෘද රෝග වලක්වාගැනීමට බිත්තියේ ලොකු අකුරින් ලියා තිබෙන ෆන්ටාස්ටික් සෙවන් උපදෙස් කියෙව්වානම් අඩු ගණනේ මාසෙකට බෝතල් 2 ගෙදර ගෙනියනවාමයි. ඔය නොබොන හාදයෝ හොරෙන් අඩියක් ගහන්නේ දොස්තර කීවාම.