මන්ත්‍රී විජේදාසගේ පෙත්සම සලකා බලන්න දිනයක් දෙයි මාලබේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනය (SLIT)යළි මහපොළ භාරකාර අරමුදලට පවරා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා දෙසැම්බර් මස 01 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කළේය. 11 November 2021
රාජ්‍ය ජායාරූප උලෙළ පැවැත්වෙයි 2021 රාජ්‍ය ජායාරූප උලෙළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධනය කටයුතුරාජ්ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්වුණි. 11 November 2021
'බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් හමුවෙලා නැහැ' බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් නමැත්තා හමුවූ බව ඔහුගේ බිරිඳ වන ෆාතිමා සාදියා නැමැත්තිය කිසිවිටකත් ප්‍රකාශ කර නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇයගේ කට උත්තරය සභාගත කරමින් පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය. 11 November 2021
නඩු ප්‍රමාදයට හේතුව අධිකරණ ඇමැති කියයි නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සහ නීති නොවන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 600 දෙනකුගේ හිඟයක් පැවතීම නිසා අපරාධ නඩු සඳහා උපදෙස් ලබාදීම ප්‍රමාදවීමට ප්‍රධාන හේතුවක්වී ඇතැයි නීතිපතිවරයා දැනුම්දී ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය. 11 November 2021
කොළඹ ප්‍රදේශ රැසකට සති අන්තයේ ජල කප්පාදුවක් එළැඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. 11 November 2021
කොළඹ - මහනුවර මාර්ගය විවෘත කිරීම යළි කල් යයි කොළඹ - මහනුවර මාර්ගය අද දහවල් 1.00 විවෘත කිරීමට තීරණය කළ ද ඉහළ කඳුකර ප්‍රදේශයට ඇද හැළෙන තද වර්ෂාව නිසා එම තීරණය වෙනස් කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි. 11 November 2021
උඩවලවේ අලි හොරකමක් වැළැක්වූ නිලධාරීන්ට විපක්ෂනායකගේ ප්‍රසාදය උඩවලව ජාතික වනෝද්‍යානයේ පනහඩුව ප්‍රදේශයේදී අවුරුදු හතක් පමණ වයසැති වන අලියකු කකුල් ලණුවලින් බැඳ සොරකම් කිරීමට උත්සාහ දරා ඇති බවත් මෙම උත්සාහය උද්‍යාන බාරකාර රණතුංග මහතා ඇතුළු වනජීවී නිලධාරින් සහ දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන් වළක්වා තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය 11 November 2021
අන්තරේ කැඳවුම්කරු ඇතුළු 5 දෙනාට ඇප බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුලු පස් දෙනෙකු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතාමගින් අද ( 11) නියෝග කළේය. 11 November 2021
'කොළඹ ව්‍යාපාරිකයන්ට, බ්‍රිගේඩියර්වරුන්ට සීතල සැප ගන්න සූරියකන්දේ ඉඩම් බෙදලා' ඉඩම් ඇමැතිවරයා කොළඹ ව්‍යාපාරිකයන් සහ හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 34 දෙනෙකුට සීතල සැප ගැනීමට සූරියකන්ද පනිලකන්ද ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් අක්කර 4,8 ,10 බැගින් ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය. 11 November 2021
කැත්තෙන් මරුවා එයි ආරාවුලක් දුර දිග යාමෙන් පසුව ගල්කඩවල ප්‍රදේශයේ නිවසක් තුලදි 34 හැවිරිදි පුද්ගලයෙකු කැත්තකින් කපා කොටා ඝාතනය කොට ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි. 11 November 2021
මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්ටත් කොරෝනා දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇත. 11 November 2021
’’මෙවර අය වැයෙන් සහනයක් අපේක්ෂා කරන්න බෑ’’ මෙවර අය වැයෙන් කිසිදු සහනයක් අපේක්ෂා කළ නොහැකි අතර එය ජනතා අපේක්ෂා සුන් කරන අයවැයක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 11 November 2021
විදුලි කොන්ත්‍රාත් සේවකයන් කැපූ පොල් ගසට සය දරුපියා බිලි විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් සමාගමක සේවකයන් පිරිසක් අනාරක්ෂිත ලෙස කපා දැමූ පොල් ගසක් පාරේ ගමන් ගත් යතුරුපැදියක් මතට ඇද වැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පියා මිය ගොස් දියණිය බරපතළ තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි. 11 November 2021
කොස්ලන්ද ප්‍රාථමිකයේ විදුහල්පතිට කොරෝනා හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රාථමිකයේ විදුහල්පතිවරයාට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග එම විදුහල දින තුනකට වසා දැමීමට පියවර ගත් බව බණ්ඩාරවෙළ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ආර්. එම්. ආරියදාස මහතා පවසයි. 11 November 2021
වැසි තත්ත්වයේ අඩුවක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා තිබූ තද වැසි සහිත කාලගුණ තත්වය අදින් (11) පසු සාපේක්ෂව අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 November 2021
තිරුකුමාර්ගේ බැංකු වාර්තා කැඳවා ඇතැයි ජනපතිට දැනුම් දෙයි ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාල තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් වාර්තා, අදාළ බැංකු හා මුල්‍යායතන මගින් කැඳවා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. කේ.ඩී. විජේරත්න මහතා දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. 11 November 2021
අද ආසාදිතයන් 693 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 205 දෙනකු අද(10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 10 November 2021
ආපදා තත්වයෙන් 2,12,000කට වැඩි පිරිසක් පීඩාවට දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 60,264 කට අයත් 2,12,060 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 10 November 2021
කොවිඩ් මරණ 16ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 November 2021
වසර 24කට පසු කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක් මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය හෙට (11) වැඩ භාරගැනීමට නියමිතය. 10 November 2021
කතක් මරා කසල ගොඩට ගෙනවිත් දැමූ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ් මාලිගාවත්ත ප්‍රදේශයේ ‘පාතුමා මුම්තාස්’ නැමැත්තිය මෝල්ගසකින් ගසා ඝාතනය කළැයි සපුගස්කන්ද පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (10) නියෝග කළේය. 10 November 2021
කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි නායයෑමේ අවදානමකට පත්ව තිබෙන මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය. 10 November 2021
කොවිඩ් ආසාදිතයන් 488 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 488 දෙනකු අද (10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 10 November 2021
’’රතු නිවේදන තිබියදීත් ඉවත් නොවන අය බලෙන් හෝ ඉවත් කරනවා’’ නායයෑමේ අවදානම් පවතින බවට රතු නිවේදන නිකුත් කර තිබියදීත් ඉන් ඉවත් නොවන පිරිස් බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට කටයුතු කරන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය. 10 November 2021
ලංගම දෛනික ආදායම කෝටි 5 දක්වා ඉහළට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම කෝටි 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 10 November 2021
’’විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ’’ විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 10 November 2021
දින දෙකකදී ආපදා මරණ 15ක් දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු ධාරානිපාත වැස්සෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් දෙදිනක් තුළ 15 දෙනකු මියගොස් ඇති අතර එක් අයකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 10 November 2021
කොටහලු මඟුලට ආ 17කට කොරෝනා හක්මන උදුපීල්ලගොඩ මිල්ලගහහේන ප්‍රදේශයේ නිවෙසක පැවැති සාදයකට සහභාගී වු පුද්ගලයන් ගෙන් 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 10 November 2021
නව කුලපති ගැන වෛද්‍ය පීඨ ආචාර්යවරු කනස්සල්ලෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා පත් කිරීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි. 10 November 2021
මාවනැල්ල ප්‍රා සභාවේ උප සභාපතිට ඇප මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලු එම සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීරුන් දෙදෙනා අද (10 ) ඇප කොන්දේසි මත මුදා හැරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධීකරණයේ මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝගය කළේය 10 November 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026