
(යොහාන් භාසුර)
අඩුආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා කූපන් ක්‍රමයක් ආරම්භ කළ යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ආණ්ඩුව අසීරු තත්වයකට පත්ව සිටීම නිසා ජනතාව ද අමාරු තත්වයට පත්ව සිටින බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කූපන් ක්‍රමයක් ආරම්භ කරන ලෙස රජයට යෝජනා කරන බව සඳහන් කළේය.
ඉන්ධන ද කූපන් ක්‍රමයක් අනුව සලාක ක්‍රමයකට නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවත් එමගින් ඉන්ධන පරිභෝජනය අඩුකරගත හැකි බවත් අමාත්‍යවරයා කීය.
ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (19) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමතිවරුන්ට දීලා තියෙන වාහන ප්‍රමාණයත් එක්ක, සහ ඒවායේ ඉන්ධන වැයවන ප්‍රමාණයත් සමග, මුලින් සියලු කප්පාදු 225ට කරන්න. ඊට පස්සෙ බලමු හොඳේ...
ජනතාව අසරණ වුනේ ඔබතුමා ඇතුළුව හතලිස් අටෙන් පසුව පාර්ලිමෙින්තුවට ගිය පිරිස වගකීම් අමතක කරලා තමන් ගැන විතරක් හිතපු නිසා. ජනතාව කරපු වැරැද්ද තමයි මෙහෙම හොරු සහ මෝඩයො පත්කරපු එක... කූපන් නෙවෙයි මහත්තයෝ.., මිනිස්සුන්ට කෙළින් හිටගෙන ගෙන අභිමානයක් ඇතිව ජීවත්වෙන්න විදියක් හදලා දෙන්න. ඡන්දෙ ගන්න බොරුව කරන්න එපා...
එක්තරා වකවානුවක ජනජීවිතයේ වටිනාම අංගයක් වූ හාල් පොත අහෝසි වී දශක 4ක් පමණ ගතවී ඇත. ඒ අප රටට ලැබුණු ආර්ථික වර්ධනයත් සමගයි. ආඩම්බරයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ අප නැවතත් එම යුගය කරා කඩිනමින් පියමන් කරමින් සිටින බවයි. එයද අප පැතූ සෞභාග්‍යය..?
ඔව් ඔව්.., අපි පෙට්‍රල් ගන්නේ මල්වලට දාන්න..
ඊට නරකයිද ඔය කියන කූපන් ක්‍රමවේදය 225ටම දීලා, වාහන, කෑම බීම, සේවක, ඉන්ධන, දීමනා, ගැහිලි, විශේෂයෙන් ගල්පැලෙන බොරු කීම කූපන් ක්‍රමවේදයට කෙරුවොත්... හැබැයි වැඩියෙන් රැවැට්ටුවොත් එකකට කූපන් දෙක ගානේ කපනවා හොඳේ.
උසාවියෙන් මරණ දඬුවම නියම වූ මිනීමරුවන්ට ඡන්දය දෙන්න කියපු මෙයා කියන දේවල් වලින් ඵලක් නැත.
දැන් අපි හැමෝම අඩු ආදායම්ලාභීන් වෙලා ඉවරයි...
කෝ වහල්ලු මේවට අදහස් ලියන්න බැරිද?
කාලය බලලා මේ වගේ අපතයින් පත්කරපු අයට ඉස්සරවෙලාම සලාක දෙන්න ඕනෑ...
කොහොම වුණත් අඩු ආදායම් ලාභීන් ආහාරපාන ගන්නේ අඩුවෙන් තමයි. එමනිසා සලාකයක් අවශ්‍ය නැත. නමුත් වැඩිපුර ආහාරයට ගන්නා අයටයි සලාකයක් මගින් පාලනය කළ යුත්තේ...
මේ වෙලාවේ ආර්ථිකය අමාරු තමයි. ඒත් ඒ අතර බොහෝ මිනිසුන් ආත්මාර්ථකාමි ලෙස කටයුතු කරනවා. මම පසුගිය සතියේ පෙති පාන් ගෙඩියක් ගත්තා රුපියල් 100 කට... ඊට කලින් ඒ පාන් ගෙඩිය තිබුණේ රුපියල් 90කට. මාස දෙකකට විතර කලින් රුපියල් 80 යි. ඊයේ ගිහිං ඉල්ලුවාම රුපියල් 110ක් කිව්වා. පළා මිටියක් වික්කේ රුපියල් 40 කට.. නමුත් ගියසතියේ රුපියල් 50යි. අද ගියාම රුපියල් 60 යි. මේවා කොතරම් දුරට සාධාරණ දැයි මට නම් තේරෙන්නේ නැහැ. අම්ලන්ගොඩ නගරයේ වෙළඳසල්වලට සතියකට පරිප්පු ලොරි තුන, හතරක් එනවා. හාලුත් එහෙමයි. ඒවායේ මිල දවසින් දවස වැඩි කරනවා. අද පරිප්පු 240 නම් හෙට 245යි. කොරෝනාව ව්‍යාපාරකයින්ට නම් ව්‍යවසනයක් නොවෙයි, හොඳ ස්වසනයක්. හොඳට ලාභ ගන්නවා. නමුත් රජය විදියට කිසිම පාලනයක් නැහැ. ඊයේ සවස අම්බලන්ගොඩ සතොසේ හාල් නැත. සීනි නැත. පරිප්පු නැත. ඒ වගේ අත්‍යාවශ්‍යම භාණ්ඩ 10ක් විතර නැත, නැත, නැත කියලා තමයි බෝ්ඩ්ගහලා තිබුනේ. ඉතිං බන්දුල ඇමැති කථා කරන්නේ මුඛයෙන්ද කියලා මට පොඩි සැකයක් තියෙනවා. කොහොම නමුත් ආනයනික සම්බා නම් රුපියල් 130ට තිබුණා. රජය ඉතා කඩිනමින් නිසි මැදිහත් වීමක් කළ යුතුමයි.
ඔය ඔක්කොම මේ වගේ කාලකන්නි පත්කරන අපේ වරද? තරුණ පිරිස රට හැරදා යන්න හේතුව. මේ පවුකාරයින් ගල්ගසා පන්නා දමන්න ඕනෑ. රට ක්‍රමිකව චීන ණය උගුලකට අසුකළේ නම් මහින්ද රාජපක්ෂ. නිසරු සංවර්ධන යෝජනාවලට කොමිස් සඳහා ණය අරගෙන....
ඔයා නියෝජන කරන මේ ආණ්ඩුවේ සමහර මන්ත්‍රීලා බංගලොත් වෙලා... ඔවුන්ගේ වැටුප් ලෝන් එකට කපනවාලු. ඔවුන්ටත් මේ කූපන් කාඩ්පත දෙන්න. මේ වගේ බංගලොත් කාරයින්ට පුළුවන්ද රට දියුණු කරන්න...?
දැන් ගහලා පන්නන කාලෙ ඉන්නේ...!