(විනීතා එම් ගමගේ)
සිරුරට ගිනි තබා ගත් කාන්තාවන් විසි දෙනකු මේ වසර තුළ ජාතික රෝහලේ දී මිය ගොස් ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය පැවැසුවාය.
මොවුන් අතරින් 19 දෙනකුට අවුරුදු 20 - 30 අතර විවාහක කාන්තාවන් යැයි ද ඇය කීවාය.
ඔවුන් අතරින් සියයට 99 ක්ම සිරුරට ගිනි තියාගෙන ඇත්තේ ස්වාමි පුරුෂයා බිය කිරීමට බවත් සියදිවි නසා ගන්නා අදහසක් තිබී නැති බවත් ඔවුන්ගේ මරණ පිළිබඳ කළ පශ්චාත් මරණ පරික්ෂණවල දී අනාවරණය වී යැයි කී සමරවීර මහත්මිය, මේ සියලු දෙනා ගිනි තබා ගත් මොහොතේ සිට බේරාගන්නැයි අන් අයගෙන් ඉල්ලා ඇති බව ද අනාවරණය වූ බව කීවාය.
සියයට පණහ ඉක්මවා පිලිස්සුම් තුවාල ඇති රෝගින් බේරාගැනීමේ අවදානමක් ඇති බවත්, මේ සියලු දෙනා මිය යන මොහොත තෙක් ඉතා හොඳ සිහි කල්පනාවෙන් සිට ඇති බවත් ඇය පැවැසුවාය.
සාමාන්‍යයෙන් ශරීරයට ගිනි ඇවිළුණු විට ගින්න නිවා දැමීම අපහසු වන්නේ සමට යටින් ඇති තෙල් තට්ටුව ගින්නට හොඳ උත්ප්‍රේරකයක් වන බැවින් යැයි කී මරණ පරික්ෂකවරිය දර කැබැල්ලකට වඩා ඉක්මණින් ඇවිලෙන්නේ ඒ නිසා යැයි ද පෙන්වා දුන්නාය.
මේ නිසා අනුන් බිය කිරීමේ අරමුණි්න් හෝ ගිනිතබා ගැනීමක් කරන්නට තබා සිතන්නට වත් සුදුසු නැතැයි ද ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැඳි මිටේ නුවණනෙ. මෙගා නාට්‍ය බලල තවත් මොට්ට වෙලා.
දැන් මේක කියවලා මායම් 64, 65 කරගනීද දන්නේ නැහැ..? කෙසේ වෙතත් සියදිවි නසාගැනීම්, මිනී මැරීම්, ගහබැණගැනීම්, යන සියල්ල සිදුවනුයේ ක්ෂණික කෝපය නිසාය. හැබැයි අපේ රටේ විතර පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල තියෙන වෙන රටක් මෙලොව වෙන කොහේවත් නැතිව ඇති. සියලු ආගමික පූජකවරු මේගැන ටිකක් හිතලා පොදුවේ හැමදෙනාගේම සිත්සතන් සමනය කරගැනීමට වැඩ පිළිවෙළක් යෙදුවොත් හොඳ නැද්ද?
මේවා අඩුම තරමින් අපොස සාපෙල හෝ උසස් පෙළ පන්තිවලදී දරැවන්ට පාඩමක් ලෙස කියා දීම ඉතා වැදගත්.මෙයට අමතරව එම පන්ති වල දරැවන්ට ඉගැන්විය යුතු තවත් බොහෝ දේ තියෙනවා.ඒවා මැනවින් තෝරා බේරාගෙන සුදුස අය ලවා දරැවන්ට උපදෙස් දිය යුතුයි. ඇතැම් ටියුෂන් ගුරැවරැ හා ඇතැම් පාසල් ගුරැවරැන්ගේ නොමනා කටයුතු සහ අනිසි වාචාල කථා මත වසරකට සැලකිව යුතු දරැවන් පිරිසක් විනාශ වෙනවා. පුද්ගලික අංශයේ සහ පාසල් ගුරැවරයෙකු ලෙස මේ පිළිබද මට හොද අවොබෝධයක් සහ අත් දැකීම් ඕනෑ තරම් තියෙනවා.ඇතැම් ටියුෂන් ගුරැවරැ විසින් මානසිකව විනාශ කල දරැවන් බොහොමයක් මා දන්නවා.ඒනිසා මේ පිළිබද කථිකාවක් ඇති කරන්නේ නම් මමත් කැමතියි අදහස් දක්වන්න.
සමහර ටියුෂන් ගුරු භවතුන් (මුදල් මත්තේම නොයන පිරිසක්) දරුවන්ට පාඩම් වලට අමතරව මෙවැනි උපදෙස් දෙනවා කියලා හිතෙනවා. ඇතැම් අය නම් තමන්ගේ වියදමින් පුවත්පත් පවා සකසා දෙනබව දැක්කා. කොහොම වුණත් සමහර ගුරුවරු උගන්වනවිට දරුවන් නිදාගන්නේ ඔවුන් පාඩම් පමණක් කියලා දෙන ආකාරය නුසුදුසු නිසා වෙන්න ඇති.. ඇත්තටම ගුරු සේවයට බඳවා ගැනීමේදී ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් ඇති කළොත් මෙහෙම සිද්ධීන් අවමකර ගැනීමට හැකිවේවි.
දරුවන්ගේ පෞරුෂය ගොඩ නගන්න ඕනේ දෙමාපියන් සහ විශේෂයෙන්ම ගුරුවරුන් විසින්. ඉතිං අද බොහෝ ගුරුවරුන්ටත් එහෙම එකක් නැහැ. බොරු බොරු විකාර කථාවලින් දරුවන් ඉදිරියේ බොරු වීරයින් වෙන්න හදන පිරිසක් ඉන්නවා. ඒ අයගේ එම ක්‍රියාව දරුවන්ගේ මනස විකෘති කරනවා. ඉන් සිදුවන හානිය ඉතා බරපතලයි. මෙහෙම ගිණි තියා ගන්නේ එවැනි උදවියයි. මේවා පාසල් අධ්‍යාපනයේ සිටම වෙනස් කල යුතුයි. අධ්‍යාපනය කියන්නේ තමන් ලබපු අධ්‍යාපනය තුළින් තමන්ගේ ජීවිතයේ ගැටලු විසඳා ගැනීිමට ඉවහල් කර ගැනීමක්ද වෙනවා. මෙහෙම කෙටියෙන් කියලා මේකට පිළිතුරු දෙන්න බැහැ...
පාසල් වයසේ සිටම දරුවන්ට හොඳ උපදේශණයක් අත්‍යාවශ්‍යයි. ඒ තුලින් දරුවන්ගේ පෞරුෂය ගොඩනැගිය හැකියි. ගසක ඇතැම් පත්‍රිකා කොච්චර තද සුළඟක් ආවත් වැටෙන්නේ නැහැ. නමුත් ඇතැම් පත්‍රිකා සාමාන්‍ය සුළඟකින් වුණත් ගිලිහී යනවා. දරුවන්ද එසේමයි. සමහර දරුවන් කොතරම් ගැටලු කම්කටොලු ආවත් සැලෙන්නේ නැහැ. නමුත් සමහරු බොහෝම සරල දේටත් පසුතැවෙනවා. අන්න එවැනි දරුවන්ට හොඳ උපදේශනයක් අත්‍යාවශ්‍යයි. එහෙම වුණෝතින් අනාගත පරපුර කිසිවෙකුටවත් මුලාකළ නොහැකියි. එහෙම අය තමයි රටට වටින්නේ. පුංචි දේකින් කලකිරී වස බී හෝ ගිණි තියාගෙන සිය ජීවිතය හානිකර ගන්නේ පෞරුෂයක් නොමැතිකම නිසා. දරුවන්ගේ පෞරුෂය ගොඩ නගන්න බොහෝ දේශපාලකයින් මෙන්ම නිලධාරින්ද ඉදිරිපත් වන්නේ නැහැ. එහෙම කළොත් කීකරු හෙන්චයියන් පිරිසක් බිහි කරගන්න බැහැ. දරුවන්ට රටේ සාමාන්‍ය නීතිය, අයිතිවාසිකම්, යුතුකම් මෙන්ම වගකීම් සහ සහජීවනයෙන් ජීවත්වන ආකාරය ඉගැන්වීමට හොඳම තැන තමයි පාසල. ඒ සඳහා සතියකට කාල පරිච්ඡේදයක් හෝ දෙකක් වෙන් කිරීිම ඉතා යෝග්‍යයි. එහෙම කළා නම් මේ දරුවන් තම සිරුරට ගිනිතියා ගන්නේ නැහැ. යහතින් පවුල් ජීවිතයක් ගෙවන ආකාරයත් පාසලේදීම උගන්වන්න පුලුවන්. අනිකාට ගරු නොකිරීම තමයි මේ හැමටම මුල...