වාරික නොගෙව්වැයි බසය උස්සලා කිරිවත්තුඩුව නිවසක් ඉදිරිපිට නතර කර තිබූ රුපියල් ලක්ෂ 85 ක් පමණ වටිනා බස් රථයක් බලෙන් රැගෙන ගිය පුද්ගලයන් පස් දෙනකු පැය කීපයක් තුළදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 10 November 2021
ගතවු මාස 10 කදී සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 130 ක් කොවිඩ් වසංගතය පැවතිය ද ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා මෙරට සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 130 ක ආදායමක් උපයා ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය 10 November 2021
කඩුගන්නාවේ ගලවිදපු තැන නාය යෑමේ අවදානමක් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ගල විදපු ස්ථානයට පහළින් කන්දේ කොටසක් නාය යෑමේ අවධානමක් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. 10 November 2021
දුමින්ද නාගමුව ඇතුළු 5කට වරෙන්තු අධිකරණයට අපහාස කර, කඩුවෙල අධිකරණයට අලාභහානී සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දුමින්ද නාගමුව ඇතුළු පස් දෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් කර ඇත 10 November 2021
ශ්‍රී ලාංකික දෙදෙනකුට පද්ම ශ්‍රී සම්මාන ඉන්දීය රජයෙන් පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානයක් වන ‘පද්ම ශ්‍රී සම්මාන’ 2020 වසර සඳහා ප්රදානය ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතින් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් හිදී ඉකුත් සඳුදා (8) සිදුකෙරුණු අතර ශ්‍රී ලාංකීය කාන්තාවන් දෙදෙනකු එහිදී එම සම්මානයෙන් පිදුම් ලැබීය. 10 November 2021
දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බයක් ගැසී යැයි අයෙක් රිමාන්ඩ් බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බයක් ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිරාණි පෙරේරා මහත්මිය අද (10) නියෝග කළාය . 10 November 2021
කෝවිඩ් වෙනුවෙන් අඩුම වියදම් කළ රට ලංකාව ආණ්ඩුව පම්පෝරි ගැසුවත් අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලාංකාව කෝවිඩ් වෙනුවෙන් වියදම් කළ අඩුම රටක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 10 November 2021
කඩුවෙල අධිකරණය ඉදිරිපිට විරොධතාවේ අන්තරේ පිරිස සොයයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධව පාර්ලිමේන්තු වටරවුමේ විරෝධාතාවේ නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 100 ක කාලයක් පුරා රිමාන්ඩ් බන්ධනාගාර පසුවන අන්තරේ කඳවුම්කරු ඇතුලු පස් දෙනකට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා ඊයේ (9) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපිට විරෝධාවේ නිරත ව සිටි අන්තරේ විරෝධාතාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 10 November 2021
අඹ ගසට යටවූ ත්‍රිරෝද රිය නොරෝච්චෝල පනීඅඩිය මාර්ගයේ ධාවනය වූ ත්‍රිරොද රථයක් මතට දැවැන්ත අඹ ගසක් කඩා වැටිමේන් එම ත්‍රිරෝද රිය කුඩු පට්ටම් වී ඇතත් එහි රියදුරු ජිවිතය බේරාගැනීමට සමත් වී අත. 10 November 2021
මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරීන්ට උපරිම ආරක්ෂාව මත්ද්‍රව්‍ය වැටලීම් කරන නිලධාරීන්ට උපරිම ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය. 10 November 2021
අගමැති - ගුරු සංගම් සාකච්ඡා සාර්ථකයි ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ගුරුසම්ගම් නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ. 10 November 2021
යුද හමුදා ඉංජිනේරු බලකාය 70 වැනි සංවත්සර සමරයි ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් ඉදිරියෙන් සිටින බලකායක් වන ඉංජිනේරු බලකායේ 70 වැනි සංවත්සර උත්සවය පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. 10 November 2021
ඇමැති මහින්දානන්දගෙන් මන්ත්‍රී චම්පිකට එරෙහිව පැමිණිල්ලක් ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්රජන් දියර පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළේය. 10 November 2021
වැස්සට කොටු වූ 288ක් නාවික හමුදාවෙන් මුදා ගනියි අධික වැසි තත්ත්වය හමුවේ පැය 48ක කාලය තුළ ආපදාවට පත්ව සිටි පුද්ගලයන් 288 මුදාගත් බව නාවික හමුදාව කියයි. 10 November 2021
අනුරාධපුරයේ ගවයන් සිය ගණනක් ගසාගෙන ගිහින් ඇද හැළුණු දැඩි වර්ෂාවත් සමග තලාව ඇල පිටාර ගැලීමෙන් ඇළ දෙපස සිටි ගවයන් සියයකට වැඩි ප්‍රමාණයක් අතුරුදන්වි ඇතැයි ඔයාමඩුව සහ දුනුමඩලාව අවට ගොවීහු පවසති. 10 November 2021
සියලුම ගොවීන් ලබන 16 දා කොළඹට කැඳවනවා රසායනික පොහොර භාවිතය තහනම් කරමින් ගොවි ජනතාවට සිදු කර ඇති හානියට විරෝධය පළ කරමින් ලබන 16 වන දා කොළඹ දී දැවැන්ත විරෝධයක් සිදුකරන බව සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. 10 November 2021
එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අලුතින් නිකුත් කරනු ලැබ ඇත. 10 November 2021
විශ්‍රාමික පඩි පතට තට්ටු කිරීම අහස පොළොව නුහුලන අපරාධයක් ජීවන බරින් පීඩාවට පත්ව සිටින විශ්‍රාමිකයාගේ වැටුපෙන් රුපියල් 700 ක් කපා ගැනීමට රජය ගත් තීන්දුව අහස පොළෙව නුහුලන අපරාධයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 10 November 2021
තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරයි මාතර මාලිම්බඩ උතුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (10) අලුයම තම බිරිදට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර නැන්දම්මාට ද පොල්ලකින් පහර දී තුවාල සිදු කර ඇතැයි මාලිම්බඩ පොලීසිය පවසයි. 10 November 2021
කුසල් - ධනුෂ්ක - දික්වැල්ල එල්.පී.එල් පිටියට එංගලන්ත තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරුණු බවට වරදකරුවන් වී තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ විශේෂ ක්‍රීඩකයන් ලෙස ඇතුළත්ව සිටිති. 10 November 2021
හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විසිවෙයි තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම තරුණයින්ගේ දෙමව්පියන් ගොනු කල රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද ( 10) තීන්දු කළේය. 10 November 2021
භාණ්ඩ වර්ග 433ක්ගෙන්වීමට සීමා ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා එළවළු පලතුරු යනාදී කෘෂිකාර්මික භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනය කිරීම සීමා කර ඇතැයි සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10)පැවසීය. 10 November 2021
තාත්තාත් පුතාත් පරණගම් ඔයේ සැඩපහරට අසුවෙයි කුලියාපිටිය පරණගම විලපොල ප්‍රදේශයේ පියකු සහ පුතකු දියේ ගසාගෙන ගොස් ඇති අතර පියාගේ සිරුර හමු වූ බවත් පුතාගේ සිරුර අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි. 10 November 2021
යුග දනවි බලාගාර ගිවිසුම ගැන විදුලිබල ඇමැතිගෙන් ප්‍රකාශයක් යුග දනවි බලාගාර ගිවිසුම අනුව, කිසිදු සමාගමකට එල්.එන්.ජී සැපයීම සඳහා කිසිදු ඒකාධිකාරියක් හිමි නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය. 10 November 2021
මාවනැල්ල උප සභාපති අත්අඩංගුවට මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පැවැති උද්ඝෝෂණයට බධා කළ බව කියන මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුළු පොදුජන පෙරමුණ මන්ත්‍රීරුන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි. 10 November 2021
අලුත් ව්‍යවස්ථාව දෙසැම්බරයට පෙර නිම කරනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත මේ වසර අවසන්වන විට සකස්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය. 10 November 2021
අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණ විය යුතුයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 November 2021
“විපතට පත් ජනතාවට සහන සැලසීමට සහය වන්න’’ ගංවතුරින් සහ අයහපත් කාලගුණ තත්වයෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජයට සහය වන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද (10) ඉල්ලීමක් කළේය. 10 November 2021
මෙරට හැදූ ගිනි අවියක් - උණ්ඩ සමග දෙදෙනෙක් මාට්ටු නීති විරෝධී ක්‍රියාවන්ට මෙන්ම කොල්ලකෑම් සහ මහජන බිය වැද්දවීම සඳහා භාවිත කර ඇති මෙරට නිෂ්පාදිත නිර්මාණාත්මක ගිනි අවියක්, ඊට යොදන උන්ඩ සහ තවත් නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කටාන ප්‍රදේශයේ දි ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබීය. 10 November 2021
මාවනැල්ල ප්‍රා සභාවේ උප සභාපති අත්අඩංගුවට මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලු එම සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීරුන් දෙදෙනකු අද (10 ) අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි. 10 November 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026