දින 22කට පසු රට සඳුදා ඇරෙයි දිවයිනට පනවා ඇති සංචරණ සීමා ලබන සදුදා අලුයම 4.00ට ඉවත් කරන බව කෝවිඩි 19 පැතිරිම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුදහමුදාපති ජෙනරාල් ශ්වේන්ද සිල්වා මහතා තහවුරු කරයි. 10 June 2021
තත්ත්වයෙන් බාල ඔක්සි මීටර් 3400ක් සමග තුනක් මාට්ටු නීති විරෝධිව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ඔක්සි මීටර් 3400 ක් සහ එය ප්‍රවාහනය සදහා යොදා ගත් බව කියන වෑන් රථ දෙකක් මෝටර් රථයක් සමග සැකකරුවන් තිදෙනකු අද අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි . 10 June 2021
‘‘සංචරණ සීමාවල ප්‍රතිඵල පෙනෙන්නට තියෙනවා‘‘ දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවලින් සාර්ථක ප්‍රතිඵල පෙනෙන්නට තිබෙන බවත් පරීක්ෂණ සඳහා ලැබෙන නියැදිවලින් ආසාදිතයන් හමුවීමද අඩුවී ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 10 June 2021
ප්‍රා. මන්ත්‍රී රෙද්දක් හැට්ටයක් ඇඳ සභාවට එයි කුලියාපිටියට ලබා දුන් ශික්ෂණ රෝහල හා මහාචාර්ය ඒකකය රැකගැනීමට අපොහොසත් වුයේ යැයි චෝදනා කරමින් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉඳුනිල් කුමාරතුංග මහතා අද පැවති ප්‍රදේශීය සභා සැසියට චීත්තයකින් හා හැට්ටයකින් සැරසී පැමිණියේය. 10 June 2021
රාජ්‍ය සේවකයෝ දීමනාවක් ඉල්ලති අත්‍යාවශ්‍ය සේවාවල නිරතව සිටින රාජ්‍ය සේවකයින්ට මාසිකව විශේෂ දීමනාවක් ලබාදෙන්නැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලීමක් කරයි. 10 June 2021
‘‘කොරෝනා නිසා ත්‍රිරොද රියැදුරන් අන්ත අසරණයි‘‘ කොරෝනා වසංගතය හේතුවෙන් ත්‍රිරොද රථ රියදුරන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ථ ලංකා ත්‍රිරොද රථ ව්‍යවසායක එකමුතු සංගමය සඳහන් කරයි. 10 June 2021
කොරෝනා ව්‍යාප්තියෙන් ලංකාව ඉන්දියාව පරදයි කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 10 June 2021
’’ඩෙල්ටා’’ ප්‍රභේදය ඕස්ට්‍රේලියාවට ගියේ ලාංකිකයකුගෙන් නොවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්නහි කොරෝනා පොකුරක් ඇති කිරීමට මුල්වූ පුද්ගලයා මෙරට සිට එහි ගිය පුද්ගලයකු නොව මෙරට හරහා ගිය පුද්ගලයකු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය . 10 June 2021
මෙරට ලාබාලම කොරෝනා මරණය ගම්පොළින් ගම්පොළ ප්‍රදේශයේ දින අටක බිළඳකුගේ මාරණයක් වාර්තා වන බව සෞඛය අංශ පවසයි.මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඞ් මරණය එය බව රජය නිවේදනය කර තිබේ. 10 June 2021
දින දෙකට වාහන ලක්ෂයක් එහා මෙහා ගිහින් සංචරණ සීමා ක්‍රියාත්මකවූ පසුගිය 7 සහ 8 යන දෙදිනේදී අධිවේගී මාර්ගවල වාහන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 10 June 2021
නැවක බෝයාවක් මෙරගල්ල වෙරළට අලුත්ගම මොරගල්ල රන් සැතපුම වෙරළ තීරයට කිලෝ දෙසිය පනහකට වඩා බර යකඩ බෝයවක් පාවී තිබියදීත් අද (10) සොයා ගත් බව අලුත්ගම මොරගොල්ල සංචාරක පොලිසිය පවසයි. 10 June 2021
අනතුරින් පසු බසයට පහර දුන් පහක් අල්ලයි නිරෝධායනය සඳහා යොමු කළ පිරිසක් රැගෙත් සුඛෝප භෝගී බසරථයක යාපනය, මට්ටුවිල් ප්‍රදේශයේ දී පා පැදිකරුවකු ගැටී මිය යාමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථයට ගල්මුල්වලින් පහරදී අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය කියයි. 10 June 2021
කොල්ලුපිටියේ සාදයට ගිය නවයට ඇප නිරෝධායන නිති උල්ලංඝනය කරමින් කොළඹ කොල්ලූපිටිය ක්‍රෙස්කැට් මොනාච් අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සාදයක් පැවැත්වූ විදේශිකයන් දෙදෙනකු ඇතුළු නව දෙදෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද නියෝග කළේය. 10 June 2021
රනිල් මේ මස 22 දිවුරුම් දෙයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. 10 June 2021
සෞඛ්‍යයේ අවසර පත්‍රයෙන් කුඩු විකුණලා සංචරණ සීමා පවතින කාල කාලසීමාව තුළදී අලෙවිය සඳහා රැගෙන යාමට සන්තකයේ තබාගෙන තිබූ කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍යය සමග කොළඹ සොයිසා කාන්තා රෝහලේ සුළු සේවකයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි. 10 June 2021
ලක්ෂ 22 ක මුදල්-මත්කුඩු සමඟ යුවළක් මහනුවරින් අල්ලයි සුඛෝපභෝගී මෝටර් රථයකින් මහනුවර හා අවට ප්‍රදේශවලට මත්කුඩු බෙදා හරිමින් සිටි යුවළක් අත්අඩංගුවට ගත් බව මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය පවසයි. 10 June 2021
ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000 ක් හෙට දිවයිනට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා හැට පන් දහසක් මෙරටට හෙට (11) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය . 10 June 2021
වසරේ පළමු සූර්යග්‍රහණය අද මෙම වසරේ පළමු සූර්යග්‍රහණය අද (10) සිදුවන අතර එය ශ්‍රී ලංකාවට දිස් නොවන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 10 June 2021
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක්? ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් ප්‍රදර්ශනය වන බව වාර්තා . 10 June 2021
එලෙව පොල් පෙනෙන රජරට සහල් මිල රජරට ප්‍රදේශයේ සහල් මිල යළිත් ඉහළ නැඟ ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 10 June 2021
මාගල්කන්දේ සුදත්ත හිමිට කොරෝනා නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියනට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 10 June 2021
දරුණු වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ දහයකින් බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ නමයකින්ද ඉන්දියාවේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 10 June 2021
‘සමාජ මාධ්‍යයේ අදහස් පළ කළාම අත්අඩංගුවට ගන්නා තරමට ආණ්ඩුව බය වෙලා‘ පුරවැසියෙක් සමාජ මාධ්‍යයෙන් යම් අදහසක් ප්‍රකාශ කළ පසු ඔහු අත්අඩංගුවට ගන්නා තරමට ආණ්ඩුව බියට පත්ව සහලවා උණ ගන්නා තත්ත්වයකට පත්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 10 June 2021
දොම්පේ පෞද්ගලික කර්මාන්තශාලාවක 92කට කොරෝනා දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය මීතිරිගල රන්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක කාර්ය මණ්ඩල සාමාජිකයින් 92කට කොරෝනා ආසාදනය වීමෙන් එම ආයතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය. 10 June 2021
ශ්‍රේෂ්ඨාධිකරණය යසසිරිගේ පෙත්සම විසි කරයි යශෝධා සමූහ ව්‍යාපරයේ අධිපති යසසිරි කස්තුරිආරච්චි මහතාට අයත් නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් වෙන්දේසියේ විකිණීමට මහජන බැංකුව ගත් තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනු කර තිබූ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් මහජන බැංකුවට ගෙවන ලෙසද යසසිරි කස්තුරිආරච්චි මහතාට නියෝග කළේය. 10 June 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ටත් කොරෝනා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තුව මන්ත්‍රී කාදර් මස්තාන් මහතාටද කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත . 10 June 2021
‘‘ලංකාදීප‘‘ නොගැටෙන නෙත පලක් නැතේ සීමා සංචරණ දස දෙස හතර වටේ තොරතුරු පිපාසය එනිසා දැඩිව දැනේ නොකා නොබී කුසගිනි ඇවිලුනත් හිතේ ‘‘ලංකාදීප‘‘ නොගැටෙන නෙත පලක් නැතේ 10 June 2021
විදුලි බලාගාරයේ වයර් කැපූ හතක් මාට්ටු තලේමන්නාරම ප්‍රදේශයේ ඉදි කරමින් පවතින සුළං විදුලි බලාගාරයට අයත් කේබල් තොගයක් කපා සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 June 2021
කොල්ලුපිටියේ සුපිරි නිවෙසක සාදයක් පැවැත්වූ නවයක් දැලේ කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මාලයේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වූ විදේශිකයන් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත්කො බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 10 June 2021
ප්‍රා. මන්ත්‍රිගෙන් ගුටි කෑ දෙකක් රෝහලේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක් වූ බව කියන දෙදෙනකු පුත්තලම රෝහලට ඇතුලත් කර ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 10 June 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026