මලාලා විවාහ ගිවිස ගනී කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ද හඬ නගන නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මලාලා යූසොෆ්සායිගේ විවාහ ගිවිස ගැනීම, ඉස්ලාමීය ’නිකා’ චාරිත්‍රවලට අනුව, ඉතාමත් චාම් අයුරින්, බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවරදී පැවැත්විණි. 10 November 2021
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (10) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 November 2021
දිසා තුනකට රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත. 10 November 2021
අතුරදහන් දරුවන් තිදෙනා යළි නිවෙස්වලට අතුරුදන් වූ බව කියූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ බාලවයස්කාර දැරියන් තිදෙනා යළි සිය නිවසට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 10 November 2021
කෑගල්ලේ සහ කුරුණෑගල නිවෙස් දෙකකට පස් කඳු වැටී හතරක් මරුට කෑගල්ල, සහ කුරුණෑගල ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් සිව් දෙනකු මියගොස් කාන්තාවක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි. 10 November 2021
අද ආසාදිතයන් 718 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 180 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 09 November 2021
කොරෝනා වාර්තාව දෙන තෙක් පුටුව කුඩයට රැපිඩි ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීමෙන් පසු කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වූ පිරිසක් සිය වාර්තාව ලැබෙන තුරු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල මහ පාරේ වැස්සෙන් බේරීමට පුටුවලින් හිස ආවරණයක් සේ තබාගෙන සිටියහ. 09 November 2021
මහ වැස්සෙන් මරණ 15 ක් දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතිවූ ආපදාවලින් මේ වනවිට පුද්ගල මරණ 15 ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 09 November 2021
විරෝධතාවේදී ඇද වැටුණු ගුරුවරිය මරුට කොටපොළ පැවති දෙනියාය අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති විරෝධතාව අතර තුරදී ගුරුවරියක් ඇද වැටී අද (09) සවස මිය ගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි . 09 November 2021
කොරෝනාව කැබිතිගොල්ලෑවේ පාසල් 4ක් වහයි පාසල් සිසුන් හා ගුරුවරුන් රැසකට කොරෝනා ආසාදනය විමේ හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක් දින 14 ක කාල සිමාවකට වසාදැමු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනි ආරියවංශ මහත්මිය අද (09)දින පැවසුවාය 09 November 2021
අලුතින් කොරෝනා ආසාදිතයෝ 538ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 538 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 09 November 2021
විශ්‍රාම වයස 60දක්වා වැඩි කෙරෙන පනත අනිද්දා මැතිසබයට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස 60 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අනිද්දා (11)විවාදයට ගැනීමට නියමිතය. 09 November 2021
කොරෝනා රෝගීහු 6689 ක් සුවවී ගෙදර යති ‘කොවිඩ්’ ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 6,689 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 09 November 2021
පිළිගන්න පුළුවන් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ලංකාවේ නෑ ලංකාවෙි පිළිගත හැකි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැතැයි කෝපා කාරක සභාවෙි පිළිගැනීම බව පත් කළ මන්ත්‍රී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 09 November 2021
කඩිගමුව දුම්රිය ස්ථානය නාය යයි අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ස්ථානයක් සහ දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක් නායයෑමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2021
2020 සාපෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 1 සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදළ ප්‍රායෝගික පරික්ෂණ දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 09 November 2021
කොරෝනා මරණ 17 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 November 2021
මන්ත්‍රි හරීන් රංජන්ට පුටුව දන් දෙයි රන්ජන් රාමනායක මහතාට නිදහස දෙනවා නම් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. තමා මේ කතා කියන්නේ ගම්පහින් ඡන්ද ගන්න නොවේ යැයිද හරීන් ප්‍රනාන්දු මහතා කීය. 09 November 2021
රාජ්‍ය ආයතන දහයක් කෝප් කමිටුව ඉදිරියට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 10 ක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝප්) කැඳවීමට තීරණය කර ඇත. 09 November 2021
වැස්සෙන් 28,000කට වැඩි පිරිසක් පීඩාවට දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 7,529 කට අයත් 28,263 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 09 November 2021
කොටුව - මහනුවර දුම්රිය යළි දැනුම් දෙනතුරු අවලංගුයි අයහපත් කාලගුණ තත්වයෙන් දුම්රිය මාර්ගයට හානිවීම නිසා උඩරට මාර්ගයේ කොළඹ කොටුව - මහනුවර දුම්රිය ගමන් වාර 8 ක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 09 November 2021
අගමැතිගෙන් ප්‍රශ්න ඇසීමට හෙට සිට යළි අවස්ථාවක් ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබාදෙන අවස්ථාව හෙට (10) බදාදා සිට යළි ක්‍රියාත්මක වන බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. 09 November 2021
මාලිගාවත්ත ෆාතිමා ඝාතනයට අනුබල දුන් යුවළ රිමාන්ඩ් මාලිගාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් මෝල්ගසකින් ගසා ඝාතනය කර ගමන් බෑගයක බහා සපුගස්කන්ද ප්‍රදේශයේ කුණු ගොඩකට ගෙනැවිත් දැමීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන අඹුසැමියන් දෙදෙනා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (09) නියෝග කර ඇත. 09 November 2021
උසස් පෙළ අයැදුම්පත් කැඳවීම 20 දක්වා දීර්ඝ කරයි අපොස උසස් පෙළ විභාගයේ (2021) අයැදුම්පත් යොමු කිරීමේ කාලය මේ මස 20 වැනිදා දක්වා දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි 09 November 2021
ගුරුවරු කලාප කාර්යාල ඉදිරිපිට විරෝධයේ රටපුරා අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිට අද පස්වරුවේ ගුරු විරෝධතා සංවිධානය කර තිබිණි. 09 November 2021
බසය වෙළට පෙරළී 10ක් රෝහලට දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම පහලවවැව ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් ලිස්සා ගොස් වෙළකට පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් දසදෙනකු තුවාල ලබා දඹුල්ල වීර කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කළ බව ගලේවෙල පොලිසිය කියයි. 09 November 2021
ගුරුවරු මාවනැල්ල පොලිසිය වටලති මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කළ බව කියන මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලූ කණ්ඩායම වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මාවනැල්ල කලාපයේ ගුරුවරුන් අද මහ වැස්සේම මාවනැල්ල පොලිසිය වටලා උද්ඝෝෂණයක නිරතවූහ. 09 November 2021
විශ්‍රාමිකයින්ගේ අග්‍රහාර රක්ෂණ යොජනාව අත්හිටුවයි රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය ලබාදීමට කළ යෝජනාව තාවකාලිකව අත්හිටුවූ බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය. 09 November 2021
මුතුරාජවෙළ ගැසට්ටුවට ඇමැති පුල්ලෙත් කනස්සල්ලෙන් මුතුරාජවෙල අවට ග්‍රාමසේවක වසම් රාශියක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම පිළිබඳව තමා බලවත් අප්‍රසාදය පළ කරන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය. 09 November 2021
මලිගාවත්තේ ෆාතිමා ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි මාලිගාවත්ත ප්‍රදේශයේ ෆාතිමා මුන්ටාස් නැමැත්තිය මෝල්ගසකින් ගසා ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සපුගස්කන්ද පොලීසිය විසින් වැල්ලම්පිටියේදී අද (09) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 09 November 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026