(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේදී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 12 ක් අද (19) භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
මෙම ඉන්දීය ධීවරයන් 12 දෙනා සමඟ නාවික හමුදාව දින දෙකක් තුළ ට්‍රෝලර් යාත්‍රා 8 ක් සමඟ ඉන්දීය ධීවරයින් 55 දෙනෙක් බාරගැනීමට සමත් වූ බවත් එම ඉන්දීය ජාතික ධීවරයින් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කරන බවත් නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 43 ක් සහ ට්‍රෝලර් යාත්‍රා 6 ක් නාවික හමුදාව ඊයේ (18) රාත්‍රී අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දේ මිනිස්සු නිදහස් කරලා ටෝලර් රාජසන්තක කරන එකයි.