
(හේමන්ත රණසූරිය)
කැබිතිගොල්ලෑව බණ්ඩාරඋල්පත වැවේ බැම්ම ගිලා බසිමින් තිබෙන බව ගොවි සංවිධාන කියයි.
මේ වන විට වැවේ ගිලා බැසීම සිදු වූ ස්ථානයට වැලි කොට්ට 1000ක් පමණ හරස්කොට තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නා බව පදවිය වාරිමාර්ග ඉංජිනේරු ප්‍රගීත් වැලිවිට මහතා පැවැසීය.
මෙම වැව් බැම්ම බිඳී ගියහොත් විශාල හානියක් සිදු වන බවත් යුද හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහායෙන් ඊට අවශ්‍ය විසැඳුම් කඩිනමින් ගන්නා බව ද කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් වජිර රත්නායක පැවැසීය.
වැවේ ජල ධාරිතාව අක්කර අඩි 975ක් වන බවත් කුඹුරු අක්කර 1500ක වග කරයි. ගොවි පවුල් 170 පමණ මෙම වැව අවට ජීවත්වන බව ද ගොවි සංවිධාන කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඇවිදින මංතීරුවක්වත් හදන්න ගිහිල්ලද? ගොවි මහතුනුයි, ඉංජිනේරුවොයි එකතු වෙලා වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කරනවා මිස යන්තම් 8 පාස් අයව පැත්ත පළාතකට ගන්නවා නොවේ.. නැතිනම් ලොක්කා සල්ලි ඉල්ලයි... අර වයඹ පළාතේ වුණා වගේ...
වැදගත්ම පැලැස්තරයට වඩා හේතුව සොයාගැනීම,මහා විනාශයකට මුල වන්නට ඉඩ ඇත.