(යොහාන් භාසුර)

ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (19) සමත් විය.

සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 64 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය.

එම තරගයෙන් පරාජය වූ තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් පිල සහ නිරෝෂන් දික්වැල්ල මෙහෙයවන දඹුල්ල ජයන්ට්ස් පිල අතර හෙට (21) සූරියවැවදී පැවැත්වීමට නියමිත දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය ජය ලබන කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාවේ.