
(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා විමර්ශන අවසන් කළ රාජ්‍ය ආයතන කිහිපකට අදාළ කෝප් කමිටු වාර්තා, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත.
රාජ්‍ය ආයතන 17 ක සිදුව ඇති වංචා දූෂණ පිළිබඳ මෙම වාර්තාවන්හි ඇතුළත් බව කෝප් කමිටු සාමාජිකයෙක් ලංකාදීපයට පැවසීය.
කෝප් කමිටුව විසින් පරීක්‍ෂණ සිදුකළ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඛනිජතෙල් ගබඩා පර්යන්තය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, ලංකා ඛනිජ වැලි සංස්ථාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, පශ්චාත් උපාධි ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ගල් ඔය වැවිලි සමාගම, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ලංකා ගමනාගමන මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව සිදුකරන ලද විමර්ශනයන් පිළිබඳ වාර්තා මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇත.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), රාජ්‍ය ගිණුම්කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කාරක සභා බොහොමයක් අහෝසිවීම මෙයට හේතුව වී ඇත.
රාජ්‍ය ගිණුම්කාරක සභාව අනාවරණය කරගත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටි අවස්ථාවක පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම ගැටලු සහගත තත්වයක් බව ද එම කමිටු සාමාජිකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔවුන් අවසන් මිනිත්තුව වෙනකම්ම හිටියේ...?
අර දියතලාවේ දි කිව්වෙ , සාර්ථකත්වයේ රහස, ඔන්න ඕව තමයි. තමන්ගෙ ඇයෝ බේරන්න මෙතුම ඇවත් තියෙන්නෙ. වංචා කාරයන්ට මෙහෙම සුභ කාලයක් කවදාවත් තිබුනෙ නැහැ.
මට නම් පේන්නේ මේවා ජනතා පරමාධිපත්‍යයට එරෙහි කව් බෝයි පන්නයේ වැඩ කියලා.