ගැබ්බර මුව දෙනක මැරූ හතර දෙනා රිමාන්ඩ් ගල්කිරියාගම මකුළුගස්වැව හීනුග්ගල රක්ෂිතයේ දි ගැබ්බර මුව දෙනක වෙඩි තබා ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනා ඇතුළු සිවු දෙනා ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි දඹුල්ල මහේස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි මහත්මිය නියෝග කළාය. 26 July 2025
ජර්මන් ජාතික ‘‘සුදු අම්මාගේ‘‘ ඡන්ම දිනයට ගංගාරාමයේ පිංකම් ජර්මන් ජාතික උර්සුලා බෙයර් ( සුදු අම්මා ) මහත්මියගේ 83 වන ජන්ම දිනය නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සංවිධානය කළ බෝධි පූජා පින්කමක් සහ උත්සවයක් (26)පස්වරුවේ එම විහාරස්ථානයේදී පැවැත්විණි. 26 July 2025
ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රීඩා සතිය ඇරැඹෙයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සතිය අද ආරම්භ කෙරිණි. 26 July 2025
ඩඩ්ලිගේ වැට ගලවන්න වේවි අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය. 26 July 2025
මැතිසබේ මුදල් මගඩියක් සිදුවුණාදැයි හොයනවා පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නියෝග උල්ලංඝනය කරමින් දීමනා ගැනීමෙන් රජයට කෝටියකට ආසන්න පාඩුවක් වාර්ෂිකව සිදුවන බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් මූල්‍ය අංශවල විශේෂ අවධානය යොමුවී ඇත. 26 July 2025
දිස්ත්‍රික්ක තුනක උසස් පෙළ හපනුන්ට ශිෂ්‍යත්ව අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල උසස් පෙළ විශිෂ්ටයන් 360 දෙනකුට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්රදානය කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. 26 July 2025
යෞවන සමාජ දේශපාලනීකරණයට ඇද දාලා යෞවන සමාජ පද්ධතිය අද වන විට දේශපාලනීකරණය වී ජවිපෙ හිතවාදීන්ගේ වුවමනාවට ක්‍රියාත්මක වෙන තැනක් බවට පත්ව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 July 2025
ජනාධිපති අරමුදල නැගෙනහිරටත් යයි ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද (26) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 26 July 2025
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපති කාර්යාලය නරඹති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා පැමිණියහ. 26 July 2025
පාර්ලිමේන්තුවටත් AI පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ඒ අයි තාක්ෂණය යොදා ගැනීමට අවධානය යොමුවී ඇත. 26 July 2025
ඉදිරි අය වැයෙන් සෞඛ්‍යයට වැඩි මුදලක් ඉදිරි අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට වැඩි මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 July 2025
විදුලියේ පුරප්පාඩු 4536ක් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 4536කගේ පුරප්පාඩු පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි. 26 July 2025
දේශබන්දු නෙරපනවාට සජබෙ පක්ෂයි පොහොට්ටුව විරුද්ධයි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරින් නෙරපීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. 26 July 2025
ධීවර බෝට්ටුවක් පෙරළෙයි ධීවර කටයුතු සදහා මුහුදු ගොස් එමින් සිටී බෝට්ටුවක් මුහුද මැද පෙරලී ධීවරයින් තිදෙනෙකු දිවි බේරාගෙන ඇති බවත් මේ වනවිට බෝට්ටුව මත්සයින් සමග මුහුද මැද පාවෙමින් තිබෙන බවත් පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සදහන් කරයි. 26 July 2025
රක්ෂණයේ මගඩිවලින් රජයට කෝටි 440ක පාඩුවක් ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය ප්රතිරක්ෂණ කිරීමේදී කර ඇතැයි පැවසෙන නීති විරෝධී ක්‍රියා හේතුවෙන් රජයට රුපියල් කෝටි 440 පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේ සඳහන්වේ. 26 July 2025
වෙඩික්කරුගේ සිරුර ගමට ගේනවාට ගමෙන් විරෝධයක් පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කහතුඩුව පාලගම කුරුඳු ඉඩමක දි සිදු වූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත් වූ හිටපු එස්.එෆ් සෙබළාගේ මළ සිරුර ඔහුගේ ගම්ට ගෙන ගැන ගම්වාසීන් විරෝධය දැක්වීම හේතුවෙන් හෝමාගම පිටිපන පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට ඥාතීන් විසින් තීරණය කර ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 26 July 2025
අයි.එම්.එෆ් අයවැයට කොන්දේසි දමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව ලබන වසරේ අයවැය සකස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය. 26 July 2025
තැනින් තැට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියි. 26 July 2025
ඇත් දළ යුවලක් සමග හතරක් මාට්ටු කැකිරාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී ඇත් දළ යුගලක් සමඟ සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති. 25 July 2025
ඇත්තු ඝාතන නඩු හතක් විභාග වේ වෙඩි තබා සහ විදුලිය සැර වද්දවා දළ ඇතුන් මරා දැමිමේ සිද්ධීන්වලට අදාළව කැකරාව,මහව, කැබිතිගොල්ලෑව සහ හිඟුරක්ගොඩ අධිකරණවල නඩු හතක් විභාග වෙමින් පවති. 25 July 2025
පොල්ගස්ඕවිටදී වෙඩි කෑ වෙඩික්කරු කුඩුවර්ග අටක් බීලා පොල්ගස්ඕවිට පාලාගම ප්‍රදේශයේ දි විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ වෙඩි ප්‍රහාරය හමුවේ මිය ගිය පුද්ගලයා මියයන විට මත්ද්‍රව්‍ය වර්ග අටක් පානය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව කහතුඩුව පොලිසිය පවසයි. 25 July 2025
කාන්තා සුදු පොළක් වාද්දූවෙන් අල්ලයි වෘත්තීයෙන් මුදල් ඔට්ටුවට බූරු ගැසීමේ යෙදුණු කාන්තාවන් 13 න් දෙනකු ඇතුළු 16 කු අද (25) රාත්‍රී අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පැවසීය 25 July 2025
තයිලන්ත - කාම්බෝජ සරන් විරාමයකට එකඟ වේ? තායිලන්ත කාම්බෝජ දේශසීමාවේ අඛණ්ඩව දෙවැනි දිනටත් දරුණු ගැටුම් හට ගැනීම හේතුවෙන් දේශසීමාව ආසන්නයේ ඇති දිස්ත්‍රික්ක අටකට හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමට තායිලන්ත බලධාරීහු අද (25) කටයුතු කළහ. 25 July 2025
ජාජබ සහෝදරයෝ එලුවතිව් දූපතට සහෝදරත්වය දිනය වෙනුවෙන් යාල්දේවි දුම්රියෙන් යාපනය වෙත ගිය සමාජවාදී තරුණ සංගමයේ නියෝජිතයෝ (SYU)කයිට්ස් හි පිහිටි එලුවතිව් දූපතට ගියහ. 25 July 2025
තීරු බද්ද අඩු කරගන්න ජනපති ඇමරිකාවට කතා කරයි එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්විණි. 25 July 2025
ඉස්කෝල 809ක් නමට ජාතික පාසල් කරලා පාසල් 809ක් පසුගිය කාලයේදී ජාතික පාසල් ලෙස නාම මාත්රිකව නම් කර ඒවායේ නාමපුවරු සැකසීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20කට වැඩි මුදලක් නිකරැණේ නාස්ති ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරැ අනාවරණය විය 25 July 2025
පොලිසිය පොලිස්නිලධාරියකුට වන්දි ගෙවන්න වෙයි අමාත්‍යවරයකුව සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීම ඇතු`ථ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ බව කියමින් ගම්පහ පොලිස් අධිකාරීවරයා වශයෙන් සිටි ලක්ෂ්මන් කුරේ මහතා අත්අඩංගුවට ගෙන වසර 14 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටීමෙන් හා ඔහු වධ හිංසනයට භාජනය කිරීමෙන් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 30000/-ක වන්දියක් ගෙවීමට රජයට නියෝග කළේය. 25 July 2025
දේශබන්දු යෝජනාවේ පුස්තකය පිටවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය අද (25) නිකුත් කෙරිණ. 25 July 2025
රටවල් 40කට වීසා නොමිලයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසීය. 25 July 2025
රටවල් 15ක ව්‍යවසායකයෝ ලංකාවට ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ (Global Federation of Sri Lankan Business Councils) වාර්ෂික මහා සභා රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. 25 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025