තරුණ රජ්‍ය නිලධාරී මානව සම්පත් සංවර්ධනට ජපානයෙන් ශිෂ්‍යත්ව පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා ලබා දීම මගින් මෙරට විධායක මට්ටමේ තරුණ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා ජපන් ප්‍රදාන ආධාර වැඩසටහන මෙම වසරේද ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා මෙම වසරේ ජපානය රුපියල් මිලියන 687 ක පමණ මුදලක් වෙන්කර තිබෙන බවත් බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 24 July 2025
කෙහෙල්බද්දර පද්මේට හොර උප්පැන්නක් හැදූ නිලධාරිනය රිමාන්ඩ් කල්ගත වූ උප්පැන්න ලියාපදිංචි කිරීමේ රෙගුලාසිය අවභාවිතා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට ව්‍යාජ උප්පැන්න සහතිකයක් ලියාපදිංචිකර නිකුත් කළේ යැයි කියන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ථාර් රුවිනි වාසනා සැකකාරිය ලබන 28 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය. 24 July 2025
‘‘ක්‍රෙඩිට් කාඩ්වලින් අමතර ගාස්තු අයකරන්න බෑ‘‘ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ගෙන් 2.5% සිට 3% දක්වා අමතර ගාස්තු අය කිරීමට සමාගම් සහ ආයතනවලට නීතිමය ප්‍රතිපාදන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්යක්ෂ වසන්ත අල්විස් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 24 July 2025
පොහොට්ටුවට නව සංවිධායකයෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධූර පිරිනැමීම බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී අද(24) දින සිදු කෙරිණි. 24 July 2025
ඉසෙඩ් ඇළට වැටුණු අලියා කිලෝ මීටර් 20 දුර ගසාන යයි පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්.ඩී. ප්‍රධාන ඇළට පිඹුරත්තෑව ප්‍රදේශයෙන් අද වැටි සිටි වන අලියකු සැඩ පහරට අසුව කිලෝමීටර් 20 පමණ දුරට ගසාගෙන යෑමෙන් අනතුරුව පැය 11 ක මෙහෙයුමකින් පසු අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් ගොඩට ගෙන වෙහෙරගම රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ. 24 July 2025
මව දියණියන් දෙදෙනාගේ සිරුර ළිඳෙන් හමුවේ මුලතිව් මාන්කුලම් පනික්කන් කුලම් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී මවකගේ සහ දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු අද සොයා ගත් බවට මාන්කුලම් පොලිසිය පැවසීය. 24 July 2025
රෝහිතගේ බෑණා ඇතුළට: ජගත්ගේ පුතා එළියට කොටස් එකලස් කර ජිප් රථයක් අලෙවි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුව ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා අද අධිකණයට බාරවීමෙන් පසු ලබන 01 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මතුගම මහේස්ත්‍රාත් ඒ.අයි හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළාය. 24 July 2025
තූර්කි අධ්‍යාපන ඇමති අගමැතිනිය හමුවේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණ සිටින තුර්කියේ ජාතික අධ්‍යාපන අමාත්‍ය එච්.ඊ. යුසුෆ් ටෙකින් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී අද සිදුවිය. 24 July 2025
විදුලි විවාදයට දින දෙයි ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අගෝස්තු 6 වැනිදා පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය 24 July 2025
පොලිස්පති නෙරපන යෝජනා සම්මතය විවාදය අගෝස්තු 5 පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා යෝජනා සම්මතය පිළිබඳ විවාදය ලබන මස 5 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 24 July 2025
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ හරය ඇත්තේ රනිල්ගේ ධවල පත්‍රිකාවේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල හරය තිබෙන්නේ රනිල් 1981 දී ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවේ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 July 2025
සයිබර් වංචාකාර විදේශිකයෙක් පිටුවහල් කරයි සයිබර් මූල්‍ය වංචා ජාලයකට සම්බන්ධ යැයි සැක කෙරෙන චීන ජාතික ගුවන් මගියෙකු , මෙරටට පැමිණීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අද(/24 ) ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ. 24 July 2025
නවය වසරේ සිට කැමති පාරක යන්න සිසුන්ට අවසර නවය වසරේදී දරුවන්ට කැමැත්ත සහ හැකියාවන් මත විෂය තෝරා ගැනීමේ අවස්ථාව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබා දෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 July 2025
රාජ්‍ය තාන්ත්‍රිකයෝ හය දෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(24)4නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ. 24 July 2025
අධ්‍යාපනයේ බර මවුපියන්ට දෙන්නේ නෑ අධ්‍යාපනයේ බර මව්පියන් මත පටවන ක්‍රමය වෙනස් කරන බව කාන්ත හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 24 July 2025
එක විෂයක් ගැන නොබලා සමස්ත වෙනස ගැන බලන්න එක විෂයක් ගැන පමණක් නොබලා අධ්‍යාපනයේ සමස්ත වෙනස් කිරීම ගැන බලන ලෙස ඉල්ලා සිටින බව කොළඹ දිස්ත්‍රික් මන්ත්රීනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය. 24 July 2025
ඉතිහාසය -සෞන්දර්ය අනිවාර්ය කර නෑ ඉතිහාසය හා සෞන්දර්ය 10 -11 වසර වල අනිවාර්ය විෂයට ඇතුළත් කර නෑ.ඉතිහාසය අමතක කරන්න මෙතරම් තැත් කරන්නේ ඇයි?දැයිගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 24 July 2025
2029 දී ශිෂ්‍යත්වය ගැන යළි තීරණයක් ගන්නවා 2029 වසරේ දී ශිෂ්‍යත්ව විභාගය ගැන නැවත තීරණයක් ගන්නා බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 July 2025
සංකල්ප පත්‍රිකාවක් නැතුව විවාද කරන්නෙ කොහොමද? අධ්‍යාපනයේ තිබෙන කට පාඩම් ගිරාපෝතක ක්‍රමය ඉවත් කර රට සහ ලෝකය මුහුණ දෙන බහුවිධ ගැටලු සහ ප්‍රශ්න වලට විසඳුම් දිය හැකි පුරවැසියන් නිර්මාණය කරන්නට අධ්‍යාපනය නවීකරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 July 2025
බොරු තොරතුරු වලට වැට බඳින ප්‍රකාශයකට අත්සන් කරයි කාම්බෝජයේ, සියම් රීප් හි පැවති 20 වන ආසියානු මාධ්‍ය සමුළුවේ සමාප්ති උත්සවයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අන්කෝර් මුලපිරීම 2.0 (Angkor Initiative 2.0) ප්රකාශනයට අත්සන් තැබීය. 24 July 2025
ලෝකය ඉල්ලන ගෝලීය පුරවැසියා හදනවා ලෝකය අපේක්ෂා කරන ගෝලීය පුරවැසියෙක් නිර්මාණය කිරීමේ අභියෝගය ජයගන්නා බව මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් විජේවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 July 2025
රුසියන් ගුවන් යානයක් කඩා වැටේ රුසියානු අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යානයක් අනතුරට ලක් වී කඩා වැටුණි. 24 July 2025
පිළිකා රෝහලේ දරැවන්ගෙ බෙහෙත් හිගයි මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ගේ ඖෂධවල හිඟයක් තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ(24)පැවසුවාය 24 July 2025
රෝහිනී කුමාරි කතානායකගෙන් සමාව ගනියි ’’ඔබතුමා කට වහගන්න’’ යන ප්‍රකාශයෙන් කතානායකවරයාට අපහාසයක් හෝ අපහසුතාවයක් ඇතිවූයේ නම් එම ප්‍රකාශය ඉවත් කරගන්නා බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (24) පැවසුවාය. 24 July 2025
මන්ත්‍රී රෝහිතගේ බෑන අධිකරණයට බාර වෙයි එකලස් කළ ජීප් රථයක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි පා.මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑන මතුගම අධිකරණයට මීට සුළු මොහොතකට බාර විය. 24 July 2025
එක්ස්ප්‍රෙස් පර්ල් හානියට ඩොලර් බිලියනයක් ගෙවන්න කියයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් රාජ්‍ය නොවන පාර්ශවයන්ට සිදු වූ හානි සඳහා වන්දි වශයෙන් වසරක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 1ක මූලික ගෙවීමක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය. 24 July 2025
දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතුයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හැම දරුවෙකුටම ප්රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව විසින් බාර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 24 July 2025
රුසියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු ඇතුළු පුද්ගලයින් 49 දෙනෙකු රැගත් රුසියානු මගී ගුවන් යානයක් ඊයේ(24) නැගෙනහිර අමූර් ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය. 24 July 2025
වැලිගම බලය සජබට පක්ෂ විපක්ෂ දැඩි තරගයකින් පසු වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම හිමිකරගත්තේය. 24 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025