
(මනෝප්රිය ගුණසේකර)
පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාය නිවස වැටලීමේ සිද්ධිය පිළිබඳව කරන විමර්ශනයේදී සැකකරුවන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සති තුනක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධ එක් සැකකරු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතා නාලකගෙනුත් ප්‍රශ්න කරන්න ඇතිනේද?