( ටී.කේ.ජී.කපිල )

 නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු අද(30) ද අලුයම චීනයට පිටුවහල් කර තිබේ .

මොවුන් අතරින් 06 දෙනෙකු චීන ජාතික කාන්තාවන් වේ .

 මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ , අනුරාධපුරය ප්‍රදේශයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා වල නිරත වී සිටියදී ඉකුත් /17 දින ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .