
(විමුක්ති එස් රුද්රිගු)
සාමය ගැන කතා කරමින් ඇමෙරිකාව, ඉරානය ගොඩබිමින් ආක්රමණය කිරීමට සූදානම් බවත් එම මෙහෙයුම සති ගණනක් පුරා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් වොෂිංටන් පොස්ට් පුවත්පත පසුගියදා වාර්තා කළේය.
එම මෙහෙයුමට ඉරානයේ කර්ග් දූපත සහ හෝමුස් වෙරළබඩ ප්රදේශ අල්ලා ගැනීම ඇතුළත් වන බවද එම පුවත්පත සඳහන් කළේය.
කෙසේ නමුත් ඉරානය සම්පූර්ණයෙන් ආක්රමණය කිරීමට කිරීමට ඇමෙරිකාව උත්සාහ නොකරනු ඇති බවද එම පුවත්පත ප්රකාශ කළේය. ඇමෙරිකානු ආක්රමණයට විශේෂ මෙහෙයුම් සහ සාම්ප්රදායික පාබල හමුදා විසින් සිදු කරනු ලබන වැටලීම්ද ඇතුළත් වනු ඇතැයි වොෂිංටන් පොස්ට් පුවත්පත පැවැසුවේය.
කෙසේ නමුත් එම ආක්රමණ සැලැසුමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ අනුමැතිය තවමත් හිමිව නැති බවද එම පුවත්පත ප්රකාශ කළේය.
කෙසේ නමුත් ගොඩබිම් ආක්රමණයක් කරා යාමට පෙන්ටගනය ජනපති ට්රම්ප්ට අවස්ථාව ලබාදී තිබෙන බවද එම පුවත්පත පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd