දුම්රිය ස්ථාන සීයක් මාස හයකින් අලුත් වෙයි දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘Dream Destination’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 24 July 2025
වන අලියාගේ පහර කෑ විවාහකයා මරුට පොත්තේගම ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 51 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන අලියාගේ පහර කෑමට ලක්ව අද (24) එම ස්ථානයේම මියගිය බව එප්පාවල පොලිසිය කියයි. 24 July 2025
වෙඩිකරුවකුගෙන් සෞඛ්‍ය නිලධාරිය අනූනවයෙන් බේරෙයි සෞඛ්‍ය පරිපාලන නිලධාරියකු ඉලක්ක කර දෙහිවල සත්වෝද්‍යානය අසල ධර්මපාල පාරදී වෙඩි තැබීමක් සිදු කළ ද ගිනි අවිය පත්තු නොවීම නිසා සෞඛ්‍ය පරිපාලන නිලධාරිය අනූ නවයෙන් බේරි ඇතැයි පොලිසිය කියයි. 24 July 2025
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් කිරීමට නියමිතය. 24 July 2025
කලු ජූලිය සහෝදරත්වයේ දිනයක් කරයි රටේ නැවතත් කිසිදු ලෙසකින් ජාතිවාදී යුද්ධයක් ඇතිවීමට තරුණ පරම්පරාව ඉඩ නොතබන බව බව සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා යාපනයේ දී පැවසීය. 24 July 2025
වන ජීවී කළමනාකරණයට අලුත් විෂයක් ඕනෑ වනජීවී කළමනාකරණය යනුවෙන් විෂයක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 24 July 2025
වැව්බැම්මක තිබී ආයුධ තොගයක් හමුවෙයි ගලෙන් බිඳුණු වැව, කුරුළු වැව දේවාලය අසල වැව් බැම්මේ තිබී ආයුධ තොගයක් ඊයේ (23) සොයා ගත් බව ගලෙන් බිඳුනු වැව පොලිසිය පවසයි. 24 July 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 July 2025
වැලිගම ප්‍රා. මන්ත්‍රි නිවෙසට වෙඩි තැබීමේ නාටකය එළියට? ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය පීටුපස සිටින්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර මහතා නොව ආණ්ඩු පක්ෂයේම පිරිසක් බවට ඔහු තුල සැකයක් ඇති වී තිබෙන බවට වු දුරකතන සංවාදයකින් තහවුරු වන බව සර්ව ජන බල පක්ෂයේ වැලිගම ආසන සංවිධායක පුෂ්පකුමාර බැට්ටගේ මහතා ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය. 24 July 2025
මනම්පිටියට ආ විදෙස් අමුත්තන් උණුසුම්ව පිළි ගනී ඓතිහාසික දිඹුලාගල පුරවරයේ වැඩිම කාලයක් සංචාරය කිරීමට පැමිණෙන පළමු විදේශිකයන් කණ්ඩායම් පිළිගැනීමේ උත්සවයක් මනම්පිටිය මහවැලි පාලම අසලදී සිදු කළහ. 24 July 2025
ඔන්මැක්ස් සමාගමේ තවත් පිරිසක් ගන්නවා ජනතා මුදල් එක්රැස් කර රුපියල් කෝටි 2000 අධික මුදල් වංචා කළේ යැයි කියන ඔන්මැක්ස් ඩි ටි නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ දෙවන පෙළ හා තුන්වෙනි පෙළ නායකයන් 212 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය. 24 July 2025
පියා සහ දරු දෙදෙනා ඇතුලු හතරක් එල්ල මරන්න නියම කරයි තම පුතකුගේ බිරිය සමඟ අනියම් ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගිය පුද්ගලයකුට පොලු වලින් පහරදී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියකු පුතුන් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙකු එකී චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කළ පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුවන් සිව් දෙනාටම මරණ දඬුවම නියම කළේය. 23 July 2025
පහ සිසුන්ට දුන් පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ කුණුහරුප අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පහ වසර සිසුන්ට 22 වැනි දින ලබාදුන් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ පැවති මුද්‍රණ දෝෂ හේතුවෙන් තමන් මෙන්ම සිසු දරු දැරියන්ද දැඩි අපහසුතාවයකට පත්වු බව ගුරුවරු චෝදනා කරති. 23 July 2025
පඩි වැඩි කරන පනත් වලට කතානායක අත්සන් කරයි සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත ) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) සිය සහතිකය සටහන් කළේය. 23 July 2025
ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරු ධූරයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කෙරුණු නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) ඒකමතිකව අනුමත කළේය. 23 July 2025
රනිල්ට බාලදක්ෂ ලේන්සුව පළඳවයි සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ නිල කර ලේන්සුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැළඳවීම කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද සිදු කෙරිණි. 23 July 2025
සියලු සමාගම් අවසන් ප්‍රතිලාභියා හෙළි කළ යුතුයි සමාගම් පණතේ ලියාපදිංචි වී ඇති සියලු සමාගම් අවසන් ප්‍රතිලාභියා කවුදැයි මාස හයක් ඇතුළත රජයට දැනුම් දිය යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන 23 July 2025
මීට පස්සේ ත්රස්තවාදයට මුදල් සපයන්න බෑ ත්රස්තවාදයට මුදල් සැපයීම ලංකාවේ බහුලව සිදුවූ නමුත් දැන් ඒවා වලක්වා ගන්න කටයුතු කර තිබෙන බව මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 July 2025
’’මහ බැංකුව වාහන ආනයනය සීමා කර නෑ’’ ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නැති බවත් තමන් දන්නා තරමින් රජයටද වාහන ආනයනය සීමා කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (23) ප්‍රකාශ කළේය. 23 July 2025
මේ රට කලක් හොර ගුබ්බෑයමක් වූ බව අමතකද? ලංකාව කාලයක් තිස්සේ වංචාකරුවන්ගේ හොරුන්ගේ තිප්පොලක්, ගුම්බෑයමක් බවට පත්ව තිබු බව අමතක කළ යුතු නැතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 July 2025
උද්දමනය පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පසුගිය ජුනි මස උද්ධමනය පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය. 23 July 2025
මාරවිල වෙඩි තැබීමේ සැකකරුවන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් මාරවිල, මැද නාත්තණ්ඩිය ප්‍ර දේශයේදී මවකට සහ පුතකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමෙන් එම මව මියගොස් පුත්‍රයා තුවාල ලබා රෝහල්ගත කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් 5 ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 23 July 2025
පරිසර ලේකම්ගෙන් අලි ගැන පොලිස්පතිට ලිපියක් අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යවා ඇත. 23 July 2025
ධීවරයන්ට කාලගුණනෙන් අනතුරු ඇගවීමක් කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ හෙට (24) විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව පවසන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනිද්දා (25) දිනයේද (ඉදිරි පැය 24 සදහා) මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. 23 July 2025
ASP විභාග පවත්වා වසර දෙකක් ගියත් පත්වීම් නෑ ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරී (ඒ.එස්.පී.) තනතුර සඳහා තරග විභාගය පවත්වා වසර දෙකක කාලයක් ගතවුවද මේ දක්වා එම තනතුරුවල පත්වීම් දීමට බලධාරීන් අසමත්ව ඇතැයි පොලිස් නිලධාරීහූ චෝදනා කරති. 23 July 2025
අනතුරු වලක්වා ගන්න මාධ්‍යවේදීන්ට පුහුණුවක් මාධ්‍යවේදීන්ට හදිසි අනතුරු වලින් සිදුවන තුවාල වීම් වැලැක්වීම සහ ප්‍රථමාධාර පිළිබඳව පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. 23 July 2025
පොලිස්පති නෙරපන හැටි කතානායක මැතිසබයට කියයි මැති සභා ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන්පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වරදකරු කර ඇති හෙයින් ඔහු නෙරපීමට ගෙන එන යෝජනා සම්මතයට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළුමන්ත්රීවරුන්ගෙන් බහුතරයක් පක්ෂව ඡන්දය දුනහොත් එම පනතේ 18 වගන්තිය ප්‍රකාරව ඔහු අප්‍රමාදව ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා දැනුවත් කෙරෙන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 July 2025
“අනේ පොඩ්ඩක් කට වහගෙන ඉන්නකෝ” සමග ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය කතානායකවරයා අමතමින් “අනේ පොඩ්ඩක් කට වහගෙන ඉන්නකෝ” යනුවෙන් පැවසීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇයට එක දිගට චෝදනා එල්ල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (23) පෙරවරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය. 23 July 2025
විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධතාවක වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අධ්‍යාපන ප්රතිසස්කරණවලට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් කොළඹ පිහිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (23) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ. 23 July 2025
දොස්තරලා රට හැරයාම අඩු වෙලා විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරු රට හැර නොයා මෙරට රැදී සිටීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබෙන බව නැගෙනහිර පළාතේ එරාවූර් රෝහලේ නිරීක්ෂණයකට එක් වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 23 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025