(ඉන්දිකා රාමනායක)

කොඩිකාමම් කට්පේළි ප්‍රදේශයේ වැටලීමක පොලිසියේ දෙදෙනකු නීති විරෝධී වැලි ප්‍රවාහන කළ ටිපර් රථයක්  හප්පා පලායාම හේතුවෙන් පොලිස් සැරයවරයා මිය ගොස් කොස්තාපල්වරයකු බරපතල තුවාල ලබා චාවකච්චෙරි රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාම් පොලිසිය පවසයි.

නීති විරෝධී ප්‍රවාහනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (28) පෙරවරුවේ පොලිසිය සිදු කළ මෙහෙයුමක් අතරතුර පොලිස් අණ නොතකා ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් මෙලෙස පොලිස් යතුරු පැදියේ හප්පා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා චාවකච්චෙරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැරයන්වරයා මියගොස් ඇත.

කොස්තාපල්වරයා ද බරපතල තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මියගිය සැරයන්වරයාගේ මළ සිරුර දැනට චාවකච්චේරි රෝහලේ ඇත.