
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ මුදල් ඔට්ටුවට යතුරු පැදි සහ තීරෝද රථ තරග පැවැත්වූ තරුණයන් 11 ක් ගම්වාසීන් සමඟ එක්ව අද (29) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන්කරයි.
එම තරුණයන් සමග යතුරු පැදි 12 ක් හා ත්‍රී රෝද රථ දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
කැස්බෑව විකල්ප මාර්ගයට රාත්‍රී 7.30 ට පැමිණෙන ලෙස වට්සැප් සමූහයක් හරහා කරන ලද දැනුම් දීමකට අනුව පිරිස එක්වී මෙලෙස මුදල් ඔට්ටුවට යතුරුපැදි තරඟ සහ තීරෝද රථ තරග පවත්වා තිබූ බව පොලිසිය කියයි.
වැටලීම සිදුවන අවස්ථාවේදී කීපදෙනකු සිය යතුරුපැදි අත්හැර දමා. පලා ගොස් ඇතැයිද පොලිසියකියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු රේස් යන්නෙ තෙල් වැඩි නිසා නේ. ඒක නිසා අවුරුද්දකට QR කෝඩ් එක තහනම් කරන්න තියෙන්නේ. එතකොට බයික් එක කර තියාගෙන රේස් යන්නැතෑ.
මේ පිළියන්දල පොලිසියේ ගොඩනැගිල්ලද? පරණ කඩාවැටීමට ආසන්න ගෙයක් නේද...?
තෙල් නැති කාලේ රේස් පැදලා හරියනවද?
වාහන අනතුරුත් වැඩියි අද, වාහනයක ගමනක් යන්න බෑ තෙල් ප්රශ්නය හින්දා... අත්‍යාවශ්‍ය ගමන් තමයි යන්නේ...
නීතියෙන් උපරිම දඩුවම් දෙන්න
මෙච්චර අමාරු කාලේ ඔට්ටුවට රේස් දුවන්නේ ... මුන්ට පිස්සුද මන්දා...
අපි අදටත් පයින් තමයි යන්නේ. මේ අය ජොලි කරනවා. අනික පාරෙ යන්නේ...