වන අලි පහරින් අයෙක් මරුට මාළු ඇල්ලීම සඳහා ලංකා පටුන ප්‍රදේශයට යතුරුපැදියකින් ගොස් ආපසු එමින් සිටි දෙදෙනෙකුට සුමේධංකරපුර ප්‍රදේශයේදී ඊයේ (23) අලුයම එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් එක් අයෙක් මිය ගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇතැයි සේරුනුවර පොලිසිය කියයි . 23 July 2025
’’වව්නියාවෙන් T56 ගෙනාවේ බ්ලූමැන්ඩල් කසුන් මරන්න’’ කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සංවිධානාත්මක් අපරාධකරුවකු වන බ්ලූමැන්ඩල් කසුන් නැමැත්තා ඝාතනය කිරීමට ගිනි අවිය රැගෙනවිත් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි. 23 July 2025
2022 හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම නීති විරෝධියි රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස 2022දී කටයුතු කරමින් සිටියදී රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය බහුතර තීන්දුවකින් තීන්දු කර තිබේ. 23 July 2025
ශ්‍රී ලංකන් දූෂණ හොයන විමර්ශන කමිටුව ජනපති හමුවේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත. 23 July 2025
කෘෂි ඇමති ’’ කොපියා’’ හමු වෙයි කොපියා (KOPIA) ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ අධ්යක්ෂ Park Pyung – Sik මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. 23 July 2025
මත්ද්‍රව්‍ය සමඟ පාතාලයකුගේ සොයුරියක් අල්ලයි ත්‍රිරෝද රථයකින් රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පාතාල නායක දෙමටගොඩ චමින්ද ගේ ඥාති සොයුරියක් සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. 23 July 2025
නාය අවදානමකින් කම්කරු පවුල් 07ක් ඉවතට නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන අධික වැසි සමඟ නානුඔය උඩ රදැල්ල වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරු පවුල් 07 කට අයත් සාමාජිකයන් 47 දෙනෙකු තාවකාලිකව ආරක්ෂිත ස්ථානකරා යොමු කිරීමට එම වතු පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. 23 July 2025
ප්‍රතිපත්ති පොලි අනුපාතය වෙනස් නොවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) රැස්වූ අවස්ථාවේදී පවතින එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) ප්‍රකාශ කළේය. 23 July 2025
අස්වැසුම සල්ලි හෙට ගිණුම් වලට අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජුලි මස දීමනාව හෙට( 24) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණු වෙත බැර කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය කියයි. 23 July 2025
විදුලිසැර වැදී තරුණයෙක් මරුට ගලහිටියාගම ප්‍රදේශයේ නිවසකදි විදුලිසැර වැදී 19 හැවිරිදි තරුණයෙකු රෝහල්ගත කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කපුගොල්ලෑව පොලිසිය කියයි. 23 July 2025
ජනපති අස්ගිරි අනු නාහිමිට අවසන් ගෞරව දක්වයි අපවත් වී වදාළ ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියන්ගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය. 23 July 2025
අනතුරකින් පාසල් සිසුන් 13 ක් රෝහලේ බෙලිඅත්ත, වීරකැටිය, මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී අද (23) පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් කළ පාසල් සිසුන් 13 දෙනකු තුවාල ලබා තංගල්ල හා වීරකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 23 July 2025
අනියම් පෙම මරණයකින් කෙළවර වෙයි නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුලදී අනියම් බිරිදව ගෙළ කපා ඝාතනය කර සැකකරු ගම්පොළ පොලිසියට ඊයේ (22) දින පස්වරුවේ භාර වී ඇතැයි පොලීසිය කියයි. 23 July 2025
බංගලාදේශයේදී ’’ශ්‍රී ලංකන්’’ ට සැලකුම් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපළෙහි දී සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 July 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව පවසයි. 23 July 2025
පෙම්වතිය මරා පෙම්වතාත් මැරෙයි කලකට පෙර පෙම්වතුන්ව සිට පසුව විවාහයට අකමැති වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ පෙම්වතා පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර පෙම්වතාද තියුණු ආයුදකයකින් ගෙළ කපාගෙන මියගොස් ඇතැයි පදියතලාව පොලිසිය කියයි. 23 July 2025
මාරවිල වෙඩි තැබිමක් කතක් මිය යයි නාඳුනන වෙඩික්කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහරයකින් මාරවිල මරද ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක මියගොස් ඇගේ දරුවා තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇතැැැ යි මාරවිල මුලස්ථාන පොලිසිය කියයි. 22 July 2025
වකුගඩු රෝගින්ගෙන් ලේ ගන්න කටු නැතිව දෙහිඅත්ත කණ්ඩිය රෝහලත් ලෙඩ වෙලා වකුගඩු රෝගීන්ගෙන් ලේ ලබා ගැනීමට අවශ්‍ය එන්නත් කටු සති දෙකකට ආසන්න කාලයක සිට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම ප්‍රදේශයේ සායනවලට සහභාගි වන රෝගීහු සහ ඔවුන්ගේ ඥාතීහු සඳහන් කරති. 22 July 2025
පුත්තලමේ කඩොලාන වනාන්තර අටක් රක්ෂිත වේ පුත්තලම දිස්ත්‍රික්කයෙ කඩොලාන වනාන්තර 8 ක් රක්ෂීත බවට පත් කිරීම ජුලි 26 දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකිමේ දිනය වෙනුවෙන් කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදිගේ මහතා පවසයි. 22 July 2025
දැරියක අත කෑ පී.සී ගුටි කයි දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිදා සිටි 13 හැවිරිදි දැරියකට ලිංගික අතර කිරීමට තැත් කළැයි කියන පොලිස් කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 22 July 2025
මින්නේරියේ වාහන පහක් එකට ගැටෙයි පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය සී.පී.පුර ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී 22 වෙනිදා සවස රථ වාහන 05ක් එකිනෙකෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි. 22 July 2025
රාජතාන්ත්‍රික පුහුණුව ගැන මාලදිවයින සමඟ ගිවිසුමක් මාලදිවයින් ජන රජයේ විදේශ සේවා ආයතනය සමඟ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව සහ තොරතුරු හා ලේඛන හුවමාරුව සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
වවුනියාවේ බෝම්බ,උණ්ඩ සහ මත්පෙති අල්ලයි වවුනියාව, නිරියකුලම් හි ගෙවත්තක කෙසෙල් පඳුරක් ආසන්නයේ සූක්ෂම ලෙස වළදමා තිබූ ජීව අත් බෝම්බ 80ක් ටී පනස් 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදන උණ්ඩ තොගයක් සමග තරුණයෝ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 22 July 2025
හෝමාගම ඉඩමක් කොළඹ විශ්ව විද්‍යාලයට නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සඳහා වෙන් කර දී ඇති ඉඩම්වල අයිතිය පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
නව වන සංරක්ෂණ අධ්යක්ෂ පත්වෙයි වන සංරක්ෂක ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 July 2025
රෝහල් වල ඖෂධ හිඟ නම් කඩිනමින් ඒ ගැන බලන්න ඇතැම් රෝහල් වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟ හැරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අද උපදෙස් දුන්නේය. 22 July 2025
හිටපු ඇමැති පෞද්ගලික ලේකම්ට ඇප විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට 2023 වසරේදී පුහුණුවක් ලබාදීම සඳහා වන ටෙන්ඩරය ලබාදීමට ලක්ෂ පනස් එකක තුටු පඬුරක් සමාගමකින් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු කම්කරු හා විදේශ කටයුතු ඇමතිවරයකුගේ පුද්ගලික ලේකම්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රා හර්ෂන කැකුණවෙල මහතා අද (22) නියෝග කළේය. 22 July 2025
තවත් ඇතෙක් මැරිලා ගල්ගමුව ප්‍රදේශයේ තවත් දළ ඇතෙක් අභිරහස් ලෙස මියගොස් සිටියදී අද හමු විය. 22 July 2025
අයවැය සහන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (22) විශේෂ බහුතරයකින් සම්මත කර ගැනිණ. 22 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025