(මනෝප්‍රිය ගුණසේකර)

ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් රජයට රුපයිල් ලක්‍ෂ අසූ අටකට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා විත්තිකාර අමාත්‍යවරයා ඇප මත මුදාහැරීමට නියම කළේය.

රුපියල් ලක්‍ෂ දහය බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත විත්තිකරු මුදාහළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි මස 06 වැනිදා පැවැත්වීමටද තීරණය කළේය.

2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් රජයට රුපියල් 8859708/-ක පාඩුවක් කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.