
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න කිලෝමිටර් 45.08 ප්‍රදේශයේ දී අද සවස මගී ප්‍රවාහන බස් රථයක් ගිනි ගැනීමකට ලක්වූ බව දක්ෂිණ අධිවේගී මාර්ග කුරුඳුගහ හැතැක්ම පොලිසිය සඳහන් කරයි.
කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය, වැලිපැන්න හුවමාරුව ආසන්නයේදී මෙලෙස ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
ගින්න හටගන්නා අවස්ථාවේදී බස් රථය තුළ මගීන් පිරිසක් සිට ඇති අතර, ගින්න පැතිර යාමට පෙර ඔවුන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට හැකි වී තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd