
(අංජුල මහික වීරරත්න)
දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
කොළඹ බුර්හානි සෙරන්ඩිබ් විද්‍යාලයේ අද (28) පැවැති, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ තාක්ෂණික නිපුණතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන ලෝක රොබෝ ඔලිම්පියාඩ් (WRO) ජාතික තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවා ය.
මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල්වලින් කණ්ඩායම් 66ක් සහභාගී වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව තෙගුණයක වර්ධනයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි . “Robots Meet Culture” (රොබෝ තාක්ෂණයේ සහ සංස්කෘතියේ හමුව) යන තේමාව යටතේ පැවැත්වුණු මෙම තරගාවලියට සිසුන් 500කට අධික පිරිසක් සහභාගී වූ අතර දේශීය සංස්කෘතිය සහ නවීන ඉංජිනේරු විද්‍යාව මුසු වූ නිර්මාණ ඉදිරිපත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd