වැඩිමිලට බෙහෙත් වික්ක රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ඇප නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කර සිටි නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්ෂවරුන් හත්දෙනෙකු ඇප මත මුදාහැරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් ශර්මිලා සහබ්දීන් මහත්මිය නඩුව යළි කැඳවන නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අද (26) වැනිදා නියම කළාය. 26 September 2025
ජනපති මැඳුරු 8ක නඩත්තුවට කෝටි 8කට වැඩි වියදමක් කරලා ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරිම සදහා ඉකුත් වසරේ (2024) රුපියල් 80,154,422ක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වැයකොට ඇති බව අනාවරණය වි ඇත. 26 September 2025
’’2019 රට තිබූ තැනට ලබන අවුරුද්දේ යන්න පුළුවන්’’ ශ්‍රී ලංකාව 2019 තිබූ ආර්ථිකයට ලබන වසරේදී ළඟා වීමට හැකි යැයි විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේ ශ්‍රී ලාංකික හමුවකදී පැවසීය. 26 September 2025
ඖෂධ සැපයුම්කරුවන්ගෙන් සංස්ථාවට මිලියන ගණනක පාඩුවක් වෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වු ඖෂධ සපයා තිබිම වෙනුවෙන් දරණු ලැබු පිරිවැය මෙන්ම ඒ සදහා පරිපාලන ගාස්තු, තොග විනාශ කිරිමේ වියදම් සමඟ රුපියල් මිලියන 2,996.65ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. 26 September 2025
පළාත් කිපයකට තද වැසි දිවයිනේ නිරති දිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්වය ඉදිරි 24 පැය තුළත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 September 2025
ජනපති-එ’ජා මහලේකම් හමුවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී 25 වෙනිදා පස්වරුවේ පැවැත්විණි. 26 September 2025
කුකුළු ලොරියක අලියකු හැපිලා කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දඹුල්ල රිදිඇල්ල ප්‍රදේශයේදී වන අලියකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළීම නිසා කුකුලන් විශාල ප්‍රමාණයක පාරේ තැන්තැන්වල මියගොස් ඇතැයි වනජිවිය කියයි. 26 September 2025
උසාවි නියෝග මායිම් නොකළ සමාගමට එරෙහිව පියවර ගන්න එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු වෙරළේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි ලබාදීමට අධිකරණය කළ හැකි උපරිම දේ සිදු කළ බවත් වන්දි අයකර ගැනීමට පියවර ගැනීම විධායකයේ කටයුත්තක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විවෘත අධිකරණයේදී අද 25 පැවසීය. 25 September 2025
ප්‍රංශයේ හිටපු ජනපති අවුරුදු 5 ක් හිරේ ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ, ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවකට හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි වරදකරු වූ බවය. 25 September 2025
වැඩි මිලට බෙහෙත් වික්ක රෝහල් අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුවට අධිකරණයේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කර තිබියදීත් උසාවියේ පෙනී නොසිටි නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්ෂවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය ඒ සඳහා වරෙන්තු නිකුත් කළාය. 25 September 2025
වැඩිහිටි දීමනාව හෙට ගිණුම්වලට සැප්තැම්බර් වැඩිහිටි දීමනාව හෙට (26) බැංකු ගත කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය කියයි. 25 September 2025
මන්ත්‍රී අමිල පාර්ලිමේන්තු කුස්සිය නිරීක්ෂණය කරයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නිරීක්ෂණය කරන්නට ගොස් තිබේ. 25 September 2025
බැකෝ සමන්ගේ ගෝලයෙක් කේරළ ගංජා සමඟ අල්ලයි අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ ප්‍රශ්න කරනු ලැබූ අගුණු කොල පැලැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූර අපේක්ෂක සම්පත් මනම්පේරි නමැත්තා ගේන් අනාවරණය වූ කරුණු මත බැකෝ සමන් නැමැත්තාගේ සමීපතමයෙකු රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ කියයි. 25 September 2025
හෙරොයින්-ජීව උණ්ඩ-අත් විලංගු සමඟ හිටපු සෙබළා මාට්ටු මත්කරල් ,හෙරොයින් , ටී 56 ජීව උණ්ඩ සහ ආරක්ෂක අංශ නිළධාරීන් භාවිතා කරන අත් විලංගුවක් සමඟ හිටපු යුද හමුදා සෙබළකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි . 25 September 2025
සංචාරකයෝ ගොඩක් අපේ ප්ලේන් වලත් ඇවිත් මේ අවුරුද්දේ ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 24 ක් පාවිච්චි කර තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 September 2025
හිතුවටත් වඩා ආර්ථිකය වර්ධනය වෙලා මේ වන විට ඉලක්ක අභිබවමින් ලංකා ආර්ථිකය වර්ධනය කරගන්නට රජයට හැකියාව ලැබී තිබෙන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 September 2025
යල් පැනපු පනත් ඉක්මනට වෙනස් කරනවා ශක්තිමත් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට පනත් වල තිබෙන යල් පැන ගිය තත්ත්වයන් කඩිනමින් වෙනස් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 25 September 2025
නා උයනේ අනතුර ගැන රනිලුත් දුක් වෙයි මැල්සිරිපුර පන්සිය ගම නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස්-විදෙස් භික්ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 25 September 2025
මැල්සිරිපුර අනතුරට මැතිසබයත් දුක්වෙයි මැල්සිරිපුර පන්සියගම නා උයන ථේරවාද බෞද්ධ ආරණ්‍ය සේනාසනයේ සිදුවූ හදිසි අනතුරින් ස්වාමීන් වහන්සේලා හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් ශෝකය පළ කරන බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය 25 September 2025
නා උයන ආරණ්‍යයේ ඛේදවාචකය ගැන මහින්ද දුක් වෙයි මැල්සිරිපුර පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයෙහි ශෝකජනක සිදුවීම අසා ඉතා කනගාටුවට පත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි. 25 September 2025
ණය කල් දමා ගන්න හැටි සජිත් කියයි පසුගිය ආණ්ඩුව ගෙනා කොන්දේසි වල සිර නොවී අලුත් කොන්දේසි වලට ගියා නම් ණය ගෙවීම 2033 දක්වා කල් ලබා ගන්න තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 September 2025
‘සිපෙට්කෝ ඉන්ධන අළෙවියෙන් කෝටි 1,070 ක ලාභයක් ලබයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ පළමු මාස අට තුළ ඛනිජ තෙල් පිරවුම්හල් ජාලය හරහා වෙළෙදාම් කිරීම තුළින් රුපියල් බිලියන 10.7 ක් හෙවත් රුපියල් කෝටි 1,070 ක ලාභයක් ලැබූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අද (25) පැවසීය. 25 September 2025
බණ්ඩාරගම ප්‍රා.ස.හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට බණ්ඩාරගම වෑවිට වැවට ඒ බි සි ගල් යොදා අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි 25 September 2025
බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ ලබන 09 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය. 25 September 2025
නවසීලන්ත තානාපති කථානායක හමුවක් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය. 25 September 2025
මැතිසබේ හිංසන සිද්ධිය: පරිපාලන අධ්‍යක්ෂිකාවගෙනුත් කටඋත්තරයක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත්කෙරුණු හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු බාහිර විමර්ශන කමිටුව පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මියගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 25 September 2025
රට පුරා පුංචි රෝහල් දහසක් අරින වැඩේ අරඹයි දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පිහිටු වීමේ වැඩසටහන යටතේ මෙම වසරේදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. 25 September 2025
’’පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා’’ පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කරමින් අද(25) පැවසීය. 25 September 2025
ජනපති-ඕස්ට්‍රේලියා අගමැති ද්වි-පාර්ශ්වික සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි. 25 September 2025
රට පුරා සන්නද්ධ හමුදා කැඳවන ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 25 September 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026