(ටී.කේ.ජී.කපිල )

ලෝකයේ ජනප්‍රිය ශ්‍රී ලංකාවේ තේ සන්නාමය සහිත ඇසුරුම් , භාවිතා කරමින් , කොතළ හිඹුටු තොගයක්  නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ එරට වැසියෙකු අද(31 ) කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 46 හැවිරිදි වියේ පසුවන , මෙරට තුළ සංචාරයේ නිරත වූ චීන ජාතිකයෙකි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ , කැබළි ලෙස සකස් කර , ශ්‍රී ලංකා තේ සන්නාමය සහිත ඇසුරුම් තුළ , මෙම කොතළ හිඹුටු කිලෝ ග්‍රෑම් 21 ක ප්‍රමාණය අසුරා සගවා ගෙන තිබුණි .

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධ්විධාන යටතේ , කොතළ හිඹුටු ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන යා නොහැකි ආරක්ෂිත ශාක විශේෂයකි .