
(කාංචන කුමාර ආරියදාස)
සිසුවෙකු අපයෝජනය කළැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා අද (31) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම ජාතික පාසලේම අධ්‍යාපනය ලබන දාහතර හැවිරිදි පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදුකළ බවට විදුහල්පතිවරයාට එරෙහිව මහවෙල පොලිසියට ඊයේ(30 ) පැමිණිල්ලක් ලැබී තිබුණු බව පොලිසිය කියයි.
ඒ අනුව විදුහල්පතිවරයා අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුනද ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණු බවත පසුව , ප්‍රදේශවාසීන් විසින්ම ඔහු ස්ථාන කිහිපයක සැඟවී සිටින බවට පොලිසියට රාත්‍රී කාලයේ තොරතුරු ලබාදීමත් සමඟ පොලිස් කණ්ඩායම් ස්ථාන කිහිපයක සෝදිසිකරමින් සිටියදී අද (31) දින උදෑසන සැකකාර විදුහල්පතිවරයා මහවෙල පොලිසියට පැමිණ භාර වූ බව පොලිසිය සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd