මැඩිල්ල කලපුව ආසන්නයේ ගින්නක් තංගල්ල මැඩිල්ල කලපුව ආසන්නයේ ඇති කඩොලාන රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 27 July 2025
නැගෙනහිර උ.පෙ විශිෂ්ටයන්ට ලක්ෂ බැගින් දෙයි ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදී අද (27) පැවැත්විණි. 27 July 2025
ජනාධිපති හෙලිකොප්ටරයෙන් යන්න ඕනේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැවැන්ත ආරක්ෂාවක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවශ්‍ය නම් හෙලිකොප්ටරයෙනුත් පැමිණිය යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. 27 July 2025
දක්ෂිණ අධිවේගයේ අනතරින් දෙකක් මරුට හතරක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපැලැස්ස 175 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද 27 සවස 5.30 ට පමණ වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් මැද ආරක්ෂිත වැටේ ගැටී සිදුවූ අනතුරකින් වෑන් රියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය. 27 July 2025
කොළඹ බාලිකාව සිසුවියෝ පස් දෙනෙක් මත් පෙති බීලා කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියන් පස්දෙනකු මත්පෙති පානය කර සිටියදී සිය බාරයට ගත් බව මරදාන පොලිසිය කියයි. 27 July 2025
‘‘රාජ නීතියයි ආගමයි පටලවා ගන්න එපා‘‘ රාජ නීතියයි ආගමයි පටලවා ගන්න එපා දුම්රිය රක්ෂිතයේ නීති විරෝධීව තනා ඇති නිවසක පදිංචි වී සිටින භික්ෂූන් වහන්සේ නමක් අමතා අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් ප්‍රකාශ කරමින් මාසයක් ඇතුළත එම නිවස ඉවත් කර ගෙන අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට එම වග උත්තරකාර හිමි නමට නියෝග කළේය. 27 July 2025
කුඩ්ඩකු එක්ක හාදකම් පෑ පොලිසියේ තුනක් අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ආධාර අනුබල දුන් බව කියන පොලිස් කොස්තාපල් තිදෙනෙක් මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 27 July 2025
ගංජා වික්ක ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ් ගංජා අලෙවි කරමින් සිටි ගම්පොළ නගර සභා පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු එළඹෙන 30 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය අද නියෝග කළාය. 27 July 2025
තෙරපියෙන් එහාට යන්න බෑ කියුවැයි පී.සී කතකට පහරදීලා වාද්දුව තල්පිටිය සම්බාහන ආයතනයකට ගොස් තෙරපිවරියකගෙන් වෙනත් දෙයක් ඉල්ලා නොලැබුණු තැන පහරදී එහි තිබූ මුදල් කොල්ලකා තෙරපීවරියව පැහැරගෙන විත් වාද්දුව නගරයේදී යළි පහර දුන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි. 27 July 2025
‘‘සමලිංගික විවාහ ලංකාවේ ප්රචාරයට ඇතැමුන් උත්සාහ කරනවා‘‘ සමලිංගික විවාහ ලංකාවේත් ප්‍රචාරය කිරීම සඳහා යම් යම් සංවිධාන සහ ආයතන ඉදිරිපත් වී තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ බේරුවල දී පැවසූහ. 27 July 2025
පොල්තෙල්වලට ෆාම් තෙල් කලවම් කළ කඩයක් වටලයි පොල්තෙල්වලට ෆාම්ඔයිල් මිශ්‍රකර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට තොග වශයෙන් සැපයූ කුලියාපිටිය, තෙල්බදුගම්මන ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක් වටලා එහි අලෙවි කිරීමට නියමිතව තිබූ පොල්තෙල් ලීටර 2,000 කට ආසන්න ප්‍රමාණයක් විකිණීම තාවකාලිකව අත්හිටු වූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 July 2025
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 27 July 2025
හැටන් - මස්කෙළිය වාහන ධාවනය සීමා වේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව සමග හැටන් නෝර්වුඩ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇතැයි පොලිසිය කියයි. 27 July 2025
කයිට්ස් දේවස්ථානයට පහරදුන් ජාජබ සංවිධායක ඇතුළු හතරක් මාට්ටු යාපනය කයිට්ස් මෙලින්ජිමුනායි නාරායම්පති මාතා දේවස්ථානයට බීමත්ව බලහත්කාරයෙන් අැතුළුවී එහි තිබූ වටිනා සුරුවමක් කඩාබිඳ දේපොළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ කයිට්ස් සංවිධායක අැතුළු අටදෙනකු අත්අඩංගුවටගත් බව කයිට්ස් පොලිසිය කියයි. 27 July 2025
ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 2000ක් අලුතින් හදනවා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සිදුවන පිබිදීමත් සමඟ මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පරිවර්ථනයක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 27 July 2025
’’ අපි වැඩ කරන්නේ එක ආගමක් ජාතියක් ඉලක්ක කරගෙන නොවේ’’ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියා කරන්නේ එක් ජාතියක් හෝ ආගමක් ඉලක්ක කරගෙන නොව සියලුම ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 27 July 2025
උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට කඩා වැටී තිබු විශාල ගස කපා ඉවත් කිරිමත් සමඟ අඩාලව පැවති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (27) දහවල් සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි . 27 July 2025
ගුවන්ගත වීමට ගිය යානයේ ගින්නක් ඇමෙරිකාවේ ඩෙන්වර් නුවර සිට මියාමි නුවර තෙක් පියාසර කිරීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක හදිසියේ ගින්නක් හටගත්තේය. 27 July 2025
සූදුවට ගිය කාන්තාවෝ 11ක් පිරිමි දෙකක් දැලේ ගාල්ල බෝපෙ නිවසක පවත්වා ගෙන ගිය බූරු පිටියක් වටලා මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩාවේ යෙදි සිටි කාන්තාවන් 11ක් සහ පිරිමින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 27 July 2025
සිවිල් බටයෝ දසදහසක් පොලිසියට සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් දස දහසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 27 July 2025
ගිය අවුරුද්දේ කෝච්චි 101ක් පීලි පැනලා දුම්රිය ගමන් වාර 5305ක් පසුගිය වසරේ ජනවාරි 15 සිට දෙසැම්බර් 31 දක්වා අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන්වේ 27 July 2025
ගැටුම විසදන්න ට්‍රම්ප් මැදි වෙයි ආසියානු බෞද්ධ රටවල් දෙකක් වන තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් දේශසීමා ගැටුමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. ඒ, සටන් විරාමයකට යන්නැයි දෙපාර්ශ්වයෙන් ඉල්ලීමක් කරමිණි. 27 July 2025
ජල මණ්ඩලයට කෝටි 1600ක පොල්ලක් හිඟ බිල්පත් හේතුවෙන් රුපියල් කෝටි 1600ක ආදායමක් මෙතෙක්ලැබී නැතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 27 July 2025
මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධූරයෙන් අද සමුගනී අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද 27 විශ්‍රාම ලබන්නීය. 27 July 2025
කුරුණැගල වැවිලි සමාගමෙන් කෝටි 31ක පොල්ලක් කුරුණෑගල වැවිලි සමාගමෙන් හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 312,737,974 ක මුදලක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. 27 July 2025
පොලීසියට පහරදුන් කාන්තාවක් ඇතුළු තුනක් අත්අඩංගුවට මල්ලාවී ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක නිරත වෙමින් සිටි පොලිස් කණ්ඩායමකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනකු මල්ලාවි පොලිසිය මගින් අත්අඩංගුව ගනු ලැබ ඇත. 27 July 2025
ඇළකට වැටී දැරියක් මරුට නිවස අසළින් ගලා බසින ඇළ මාර්ගයට වැටුණු සිව් හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබි සොයා ගත් බව දිඹුල පතන පොලිසිය පැවසීය. 27 July 2025
අදත් උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට දෙවන දිනටත් අද (27) උදෑසන විශාල මාරගසක් කඩා වැටීමෙන් දෙවන දිනටත් ගල්බොඩ නාවලපිටිය අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි . 27 July 2025
මුහුණු පොතේ සාදයක් වටලා 21 ක් අත්අඩංගුවට මුහුණු පොත ඔස්සේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් මධ්‍යම රාත්රියේදී වටලා තරුණ තරුණියන් 21 කු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 27 July 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025