මත් ජාවාරම නිදහසේ සිදු කරන්නට උදව් කළ පීසී මාට්ටු
අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ දුරකථන සබඳතා පවත්වමින් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට උපකාර කරමින් සුඛෝභෝගී ජීවිතයක් ගත කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.