(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආරක්ෂක ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සිවු දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවී ඇත.
මේ අනුමැතියදී ඇත්තේ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව පසුගියදා (20) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව,එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) එච්.එස්.එස්. තුයියකොන්තා මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමටත් මොහොමඩ් නවාවි, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කිරීමටත් ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමටත් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කිරීමටත් මෙසේ අනුමැතිය ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd