ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩි සිය ධුරයෙන් ඉවත් කරන බවත්, ඇය වෙනුවට නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කළේය.

පෑම් බොන්ඩි පෞද්ගලික අංශයේ නව රැකියාවක් සඳහා යොමු වීමට නියමිත බැවින් ඇය සිය ධුරයෙන් ඉවත් වන බව ට්‍රම්ප් සිය ‘ටෘත් සෝෂල්’සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් වැඩි දුරටත් පවසා ඇත.

පසුගිය වසර පුරා බොන්ඩි ඉටුකළ සේවය ඇගයීමට ලක් කළ ට්‍රම්ප්, ඇය යටතේ අමෙරිකාවේ අපරාධ මර්දනය සාර්ථකව සිදු වූ බවත්, මිනීමැරුම් අනුපාතය 1900 වසරෙන් පසු අවම මට්ටමට පහත වැටුණු බවත් සඳහන් කර ඇත. පෑම් බොන්ඩි සැබෑ ඇමෙරිකානුවකු බව ද ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කර ඇත.

මීට අමතරව පුරප්පාඩු වන නීතිපති ධුරය සඳහා පත් කළ ටොඩ් බ්ලැන්ච්, දක්ෂ මෙන්ම ගෞරවාන්විත නීතිඥයකු බව ද ට්‍රම්ප් පවසා තිබේ. ටොඩ් බ්ලැන්ච් මීට පෙර ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයකු ලෙස ද කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.